අනුරාධපුර රාජධානිය.
අනුරාධපුර රාජධානිය
ලංකාවේ ප්‍රධානම,වැඩි කාලයක්
පැවතුණු.වැඩි රජවරු සංඛ්‍යාවක් රජකළ රාජධානිය ලෙස දැක්විමට පිළිවන. මෙහි ඉතා දක්ෂ
පාලකයන් රැසක් රජකළ අතර මෙම කාලයේ ලංකාව බොහෝ වෙනස් කම් වලට භාජනය වි ඇත.මෙම කාලය
ලංකාවේ පුනරුද කාලය ලෙසද නම් කළ හැක.
වාරි
මාර්ග පද්ධතිය.
හැදින්වීම.
අනුරාධපුර යුගය ලංකාවවේ පළමු රාජධනි අවධිය වේ.විජය ඇතුලු පිරිසගේ සංක්‍රමනයත්,ඔවුන් ලංකාවේ ජනාවාස පිහිටුවා ගැනීමත් යන සාධක ඔස්සේ අනුරාධපුර රාජධානියේ ආරම්භය සනිටුහන් වේ.අනුරාධපුර රාජධානියේ උන්නතියට දිරි දුන් ප්‍රබලතම සාධකය ලෙස ප්‍රදේශය පුරා විහිදීගිය අතිවිශාල වාරි පද්ධතිය හැදින්විය හැකිය.ඒ සදහා යොදායනු ලැබූ විශිෂ්ට තාක්ෂණික ශිල්ප ක්‍රම හේතුවෙන් මෙම යුගයේ වාරිකර්මාන්තය විදෙස් රටවල් පවා මවිතයට පත් කොට ඇත..වැවක් ඉදිකිරීමේ මූලික අරමුණු දෙකකි. එනම් ජල හිගයට සහ ජල අතිරික්තයට මුහුණ දීමය. වසරේ වැඩි කාලයක් තද නියගයෙන්පීඩා විදින රජරටට,සැලකියයුතු තරම වර්ෂාපතනයක් හිමිවන්නේ ඊසාන දිග මෝසමත් සමගය. ඊසාන දිග මෝසමෙන් ලැබෙන ජලපරිමාව ඇතැම් විට රජරට මහ වැව්වල උපරිම ධාරිතාව ඉක්මවා යයි. "වැව වාන්" දැමීම සිදුවන්නේ එවිටය.
වැවකට ජලය ලැබෙන්නේ ගංගාවකින්, ඇළ මාර්ගයකින් හෝ අහස් දියෙන්. එනිසා වැවට ජලය ඇතුලු වීම බොහෝවිටපාලනයෙන් තොරවේ. එහෙත් වැවක ජලය පිට කිරීම එසේ නොවේ. ඒ සදහා විධිමත් ක්‍රමවේදයක් පවතී. වැවක ජලය පිට කිරීමටභාවිතාවන යාන්ත්‍රිණ කීපයකි.
1). සොරොව්ව - සොරොව්වේන් ජලය නිදහස් කෙරෙන්නේ පරිභෝජන කටයුතු සදහාත් නඩත්තු කටයුතු සදහාත්ය.
2). පිටවාන / වාන් දොරටු - වැවෙහි උපරිම ධාරිතාව ඉක්මවා වැවට ජලය ඇතුලු වන අවස්තාවක වැව් බැම්ම ආරක්ශාකර ගැනීමසදහා වැවේන් ජලය මුදා හැරීමට භාවිතාවේ.
වැවකට පිටවානක් පමණක් හෝ වාන් දොරටු පමණක් හෝ එම යුගලම හෝ පැවතිය හැක. නිදසුනක් ලෙස තිසා වැවෙහි ඇත්තේපිටවානක් පමණි.එහෙත් නාච්චදූව වැවට වාන් දොරටුත්, පිටවානකුත් ඇත. පිටවාන සකසා ඇත්තේ වැව් බැම්මට මදක් පහතිනි.එනිසා අතිරික්ත ජලය ස්වාභාවිකවම වැවෙන් ඉවතට ගලායයි. එය බාහිර පාලනයෙන් තොර අතර වැවෙහි ජල මට්ටමේ වැඩිවීමඅනුව ස්වාභාවිකවම සිදුවන ක්‍රියාවලියකි. නමුත් වාන් දොරටු අවශ්‍ය අවස්තාවන්හිදී අවශ්‍ය ප්‍රමාණයට විවෘත කල හැකි නිසා විශාලවැව් වල පිටවානට අමතරව වාන් දොරටු කිහිපයක්ද පවතී.
වැවකින් වාන් දැමෙන ජලකද බොහෝ විට මුදා හැරෙන්නේ තවත් වැවකට ජලය සැපයෙන ඇළ මාර්ගයකට හෝ ගංගාවකටය.එනිසා එක් වැවක් වාන් දමන විට තවත් වැව් කිහිපයක් වාන් දැමීම සහ ගංගා පිටාර ගැලීම සිදුවේ.
වාරිකර්මාන්තයක අවශ්‍යතාව.
ලංකාවට පැමිනි මුල්ම සංක්‍රමනිකයින් ඔවුන්ට හුරු පුරුදු ජිවන වෘත්තිය වූ වී ගොවිතැන ප්‍රධාන කොටගත් කෘෂිකාර්මිකදිවිපෙවෙත ලක්දිව
තුළදි ද එලෙස ම පවත්වාගෙන යනු
ලැබීය.ඒ සඳහා ඔවුන් ලංකාවේ ගංඟානිම්න ප්‍රදේශ සිය වාස භූමි ලෙස තෝරාගනු ලැබිණ.විශේෂයෙන්ම ලංකාවේ උතුරු ප්‍රදේශ වී
ගොවිතැනට වඩාත් සුදුසු
දේශගුණයෙන්ද,එයටම ආවේනික තැනිතලා භූමියකින්ද යුක්ත වූ හෙයින් කෘෂිකාර්මික කටයුතු වඩාත් හොදින් පවත්වාගෙන යාම සඳහා ඉතා
යෝග්‍ය විය.විජයගෙන් ඇරඹි අනුරාධපුර රාජධානිය ක්‍රමයෙන් වර්ධනය වත්ම එහි විසූ සියලුම වැසියන් පාහේ කෘෂිකාර්මික දිවි පෙවෙතකට අනුව හැඩගැසීම
හේතුවෙන්ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජලය නිසි කළට වේලාවට ලබාදීමේ අවශ්‍යතාවය මත ක්‍රමවත් ලෙස සැකසූ වාරි පද්ධතියක අවශ්‍යතාවය මතුවිය.එම අභියෝගය ජය ගැනීම අරමුණ කොට ගනිමින් අනුරාධපුරයේ බලයට පත්වූ සෑම රජෙකුම පාහේ වාරිකර්මාන්ත කටයුතු සඳහා කැපවී ක්‍රියා කළ බව ඉතිහාස ගත තොරතුරුවලින් ව්ද්‍යමාන
වේ.පණ්ඩුකාභය රජ සමය.
මහාවංසයට අනුව මෙම රජු ක්‍රි.පූ.437 දී ප්‍රථම වරට අනුරාධපුර රාජධානිය පිහිටුවා ගත් අතර වසර 70ක් පමණ අනුරාධපුරය අගනුවර කොට ගනිමින් ලක්දිව පාලනය කළහ.මොහු අනුරාධපුරයේ වාරිකර්මාන්තයේ ආරම්භක රජු ලෙස සලකන අතර මොහු විසින් වැව් 3ක් කළ බව මහාවංසයේ දැක්වේ.ඒවා ලෙස- අභය වැව
- ජය වැව
- ගාමිණී වැව
දෙවනපෑතිස් රජ සමය
දුටුගැමුණු රජ සමය
මෙම රජුගේ සමය තුළ ලංකාවේ වාරිකර්මාක්තය සම්බන්ධයෙන් අතිවිශාල දියුණුවක් දක්නට නොලැබුනත් යම්තාක් දුරකට හෝ සොයා බැලූබව සදහන් වේ.මොහු විසින් නැගෙනහිර පළාතේ වී ගොවිතැන පිළිබඳ සොයා බැලීම සඳහා සොහොයුරු වූ සද්ධාතිස්ස කුමරු දීඝවාපියට යවන ලද බව සඳහන් වේ.මෙයින් පෙනියනුයේ මෙම යුගයේදී රජවරුන් පෞද්ගලිකවම වාරිකටයුතු පිළිබඳ සොයා බැලූ බවයි.සද්ධාතිස්ස රජ සමය
දුටුගැමුනු රජුගෙන් පසුව අනුරාධපුරය සිංහාසනය කොටගත් සද්ධාතිස්ස රජු වැව් 12ක් කළ බව පූජාවලියෙහි දැක්වේ.එහෙත් රාජාවලියෙහි දැක්වෙනුයේ මොහු විසින් වැව් 18ක් කළ බවයි.කෙසේ වෙතත් මෙම රජු කුඩා වැව් විශාල ප්‍රමාණයක් කළ බවට සාක්ෂි හමුවේ.මොහු රුහණු ජනපදය පාලනය කරන සමයේදී මඩකළපුවේ දිගාවැව ආදී වැව් කිහිපයක් තැනූ බවද වංශකතාවල සඳහන් වේ.වසභ රජ සමය
මෙම රජුගේ යුගයේ ඉදිවූ වැව් පෙරට වඩා තරමක විශාල ඒවා විය.වැඩිවන ජනගහනයට සරිලන ස්වයංපෝෂිත ආර්ථිකයක් උදෙසාම ඒවා නිර්මාණය කළ බව පෙනෙයි.මෙම රජුගේ රාජ්‍ය කාලය ක්‍රි.ව.66-110 දක්වා වන අතර මහා වැව් තැනීමේ ආරම්භක රජු ලෙස සලනනුයේ මොහුය.මොහු විසින් වැව් 12ක් කළ බව මහාවංසයේ සඳහන් වේ.මේවායින් දැනට හදුනාගෙන ඇත්තේ වැව් කිහිපයකි.ඒවා ලෙස,- මහවිලච්චිය වැව මානන්කැටිය වැව
- කලිය වැව
- නොච්ච්යාගම වැව
- කොලොම්ගල වැව
- අක්වඩුන්න වැව
- මහාපත්පහත් වැව
- නොච්චිපොතාන වැව
- රතුපුල වැව
- කොහාල වැව
- මහරන්මෙන්ති වැව
- මානන්කැටිය වැව
මහසෙන් රජ සමය
මින්නේරිය වැව
වසභ රජුගෙන් පසු වාරිකර්මාන්තයේ වැදගත් අවදියක් ලෙස මහසෙන් රජ සමය හැදින්විය හැකිය.මොහුගේ රාජ්‍ය කාලය වසර 27ක් වු අතර මෙකළ පැවති සාමකාමී දේශපාලන වාතාවරණය ඒ සඳහා මනා පිටුවහලක් වන්නට ඇත.මොහු විසින් කරවන ලද වාරි කටයුතු අතර වැව් 16ක් ද විශාල
ඇළක්ද ප්‍රධාන වේ.ඒවා අතරින් හඳුනාගත් වැව් කිහිපයක් ලෙස,- මින්නේරිය වැව
- කණදරා වැව
- කවුඩුල්ල වැව
- මහගල්කඩවල වැව
- හුලුගල්ල වැව
- හිරාමුල්ල වැව
- හුරුළු වැව
- මාමිණියා වැව
- මාගල් වැව
- කළවාණ වැව
- මෙරවාපිය වැව
- පබ්බතන්ත ඇළ
ආදිය දැක්විය හැකිය.මෙම රජු අඹන් ගඟ හරහා වේල්ලක් බැද තල්වතු ඇළෙන් මින්නේරි වැවට ජලය ගෙනයන ලදැයි සැලකේ.මහසෙන් රජුගේ
මින්නේරි ව්‍යාපාරයට පදනම වැටුනේද
වසභ රජු ඉදිකළ ඇළහැර ඇළ නිසාය.මෙම ඇළහැර මින්නේරි ව්‍යාපාරය වාරිමාර්ග ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් ලෙසද සැලකේ.ඒ නිසා
මහසෙන් රජු අදත් හත්රජ්ජුරුබණ්ඩාර
නමින් දේවත්වයෙහි ලා සලකනු ලබයි.මහවැලි ගඟෙන් ආරම්භ වන පබ්බතන්ත ඇළද මහසෙන් රජු විසින්ම කරන ලද්දක් බව සැලකේ.ධාතුසේන රජ සමය
කලාවැව
මින්නේරිය වැව හා මහසෙන් රජුගේ නාමය බැදී පවතිනවා සේම ධාතුසේබ රජුගේ නාමය සමග කලා වැවද බැදී පවතී.ක්‍රි.ව.459-471 කාලය තුළ මෙම රජු අනුරාධපුරය අගනුවර කරගත්හ.මෙම රජුගේ විශිෂ්ටතම නිර්මානය ලෙස සලකනු ලබන්නේ කලා වැව ඉදිකිරීමය.කලා වැවේ සිට තිසා වැව දක්වා ජලය ගෙන යන ජය ගඟ
හෙවත් යෝධ ඇළ ආරම්භ කළේද මෙම රජු බවට
පිළිගැනේ.මෙලෙස ජය ගඟ ඔස්සේ තිසා වැවට අතිරේක ජලය ලබා දෙමින් තිසා වැවේ ජල ධාරිතාව වැඩිකොට,අස්වද්දනු ලැබූ
කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජල සැපයුම නිසි
පරිදි ඉටු කරනු ලැබීය.මෙම රජු වැව් 18ක් කළ බව මහාවංශයේ සදහන් වේ.මෙයින් හදුනාගෙන ඇත්තේ වැව් කිහිපයකි. ඒවා ලෙස,- මාදතුගම වැව
- යෝධ වැව
- මාඑළිය වැව
- පානන්කාමකුලම වැව
- මැද්දකැටිය වැව
- දැක්විය හැකිය.රජරට විශාල වැව් වලට වඩා වෙනස් ආකෘතියක් ගත් යෝධ වැවේ බැම්ම සකසනු ලැබුවේ චාප හැඩයටය.මේ අනුව අනුරාධපුර යුගයේ වාරි කර්මාන්තයේ උන්නතිය සම්බන්ධයෙන් ධාතුසේන රජු විශාල මෙහෙයක් කරඇති බව පැහැදිලි වේ.



No comments:
Post a Comment