Wednesday, October 22, 2014

අනුරාධපුර නමී වු පුජනීය නගරයේ ඉතිහාසගත වගතුග

ශ්‍රී ලංකාවෙි ප්‍රථම රාජධානිය වශයෙන් වසර සියයකටත් අධික කාලයක් පැවති අනුරාධපුර රාජධානිය වාස්තු විද්‍යාත්මක වශ‍යෙන් ඉතාමත් වැදගත් ස්ථානයකට හිමිකමි දැරිය.කෙසේ වෙතත් බොහෙ‍ා් දෙනෙකු වටහා නොගත් සත්‍ය නමි පුරාතන යුගයේ දි එකිනෙකට වෙනස් වු නගර දෙකක් පැවතිය බවය. එනමි අනුරාධපුරය නමි වු දේශපාලන අගනුවර සහ අනුරාධපුරය නමි වඅ පුජනිය නගරය යි. අනුරාධපුරය නමි වු පුජනිය නගරය හා සමිබන්දව සත්‍ය වර්තාවන් ඉදිරිපත් කිරිමෙි දී ශත වර්ෂ විසි දෙකක් පුරා බෞද්ධ ලෙ‍ා්කය විසින් පුජනීයත්වයෙන් සලකන ලද නගරයක් ලෙස දැක්විමට පිළිවණ.

රජරට රාජධානිය

වත්මන් ශ්‍රි ලංකාව පිහිටි භූමියේ ප්‍රථම සංවිධානාත්මක නවීන රාජධානිය වුයේ රජරට රාජධානියයි. අනුරාධපුර රාජධානියේ ආරම්හක පාලකයා වූ පණ්ඩුකාහය රජු විසින් අනුරාධපුර නගරය සංවර්ධනය කරන ලදී. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.

රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.

උපතිස්සනුවර

අනුරාධපුර නගරය

ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වන පරිදි අනුරාධපුර නගරය ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව එහි ඉතිහාසය ක්‍රි.පූ 10 වැනි සියවස තරම් ඈතට දිව යයි. කරන ලද පුරා විද්‍යා කැණීම් වලදී වඩා පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂි ලැබී ඇතත් ක්‍රි.පූ 5 සියවසට එපිට කාලය පිළිබද තොරතුරු අත්ෙත් මද වශෙයනි.
අනුරාධපුරෙය් වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී මෙම පුරවරෙය් පැවති ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පිළිබද තොරතුරු ලැබී ඇත. ක්‍රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප්‍රාග් ඓතිහාසික ලෝහ යුගෙය්දී ලෝහ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අහ්වයන් භාවිතය, ගවයන් ඇති කිරීම සහ වී වගාවද පැවතුණ බව පෙනී යයි. ක්‍රි.පූ 700-600 අතර කාලයේදී අනුරාධපුරයේ ජනාවාසය හෙක්ටයාර් 50 ඉක්මවා වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප්‍රධාන වරායයන් අතර උපායමාර්ගිකව වැදගත් වන පරිදි පිහිටියේය. වගා කළ හැකි සරු බිම් එය වටෙකාට පිහිටා තිබුණි. ආක්‍රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස අවුරා විය.
ක්‍රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ. "අභය වාපි" හෙවත් අභය වැවද එතුමන් විසින් කරවන ලදී. කාලවේල සහ චිත්තරාජ නමැති යක්ෂයන් උදෙසා දෙවොල්ද කරවනු ලැබීය. චේතියා නමැති යක්ෂණිය උදෙසා වෙළඹකගේ ස්වරූපයෙන් වූ පිළිරුවක් රාජ මාළිග පරිශ්‍රයේම ඉදි කරවන ලද අතර මේ සියළු යක්ෂ-දේවතාවන් උදෙසා වාර්ෂිකව පුද පූජා පැවැත්වීමද සිදු විය. නගරයේ සුසාන භූමිය, වදක භූමිය, පශ්චිම රාජිණියගේ දෙවොල, වෙස්සවණ උ‍දෙසා වූ නුග රුක, ව්‍යාධදේව උදෙසා වූ තල් රුක, යෝනයන් සඳහා වාස භූමිය, ආත්ම පූජා මන්දිරය ආදිය පිහිටැවිය යුතු තැන්ද මෙතුමන් විසින් නියම කරන ලදී. වහලුන් නොහොත් චණ්ඩාලයන් විසින් කළ යුතු කාර්යයන් නියම කෙරුණු අතර ඔවුන් උදෙසා ග්‍රාමයක් වෙන් කරන ලදී. නිඝණ්ටයන්, තැන තැන සරන තවුසන්, ආජීවකයන් සහ බ්‍රාහ්මණයන් උදෙසා වාසස්ථාන ගොඩ නඟන ලදී. ග්‍රාම සීමාද නීර්ණය කරනු ලැබීය. අනුරාධපුරය අග නගරය බව‍ට පත් කරමින් ක්‍රි.පූ 4 සියවස තරම් ඈත යුගයකදී පණ්ඩුකාභය රජතුමන් විසින් බිහි කරනු ලැබූ සම්ප්‍රදාය ඉතා වැදගත් වේ.
නගරයට සහ පූජනීය ස්ථානයන්ට කරනු ලැබූ සනීපාරක්ෂක සහ පරිපාලනමය සම්පාදනයන් විසින් පෙන්නුම් කෙරෙනුයේ කාලාන්තරයක් තිසිසේ නගරය කිසියම් මධ්‍යගත සැලැස්මකට අනුව සංවර්ධනය කෙරුණු බවය. පණ්ඩුකාභය රජතුමන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පුත් මුටසීව රාජපදප්‍රාප්ත විය. හැට වසරක් වූ එතුමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ අනුරාධපුර නගරය තවදුරටත් අගනුවර වශයෙන් පවත්වා ගත් අතර, බුදු සමය දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල් අවදියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබූ "මහාමේඝවන උද්‍යානය" (හෙවත් මහමෙවුනා උයන) පිහිටුවාලීමද එසමයෙහි සිදුවිය. බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට පසු ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වාදෙන ලද්දේ මුටසීව රජතුමන්ගේ ඇවැමෙන් රාජ්‍යත්වයට පත් එතුමන් පුත් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහිදීය. ඉන්දියාවෙහි වුසූ අශෝක අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සමකාලීනයෙක් විය. මෙම කාලය ක්‍රි.පූ 250 - 210 අතර කාලයයි. ලංකාවෙහි රාජ්‍යත්වයෙහි ආරම්භය සහ ආසියාවෙහි විශිෂ්ඨතම ආගමක් වූ බුද්ධ ධර්මය මත පදනම් වූ ශිෂ්ඨාචාරයක ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ මෙසමයෙහිය.

බුද්ධාගමේ ආගමනය


ශ්‍රි මහ බෝධි පරිශ්‍රයෙහි වැඩ වසන ශාඛා බෝධීන් වහන්සේ නමක්
දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේදී බුදු දහම හඳුවාදිමත් සමඟ ලංකාවේ සමාජීය හා සංස්කෘතික වශයෙන් වෙනස්වීම් සිදුවිය. එම වෙනස්වීම් තවදුරටත් වර්ධනය වූයේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවීමත් සමඟය. මූලික වශයෙන් අනුරාධපුර යුගයේ සංස්කෘතිය පදනම් වූයේ බුදුදහම මතය. එසේම එම රාජධානියේ නීතිය සහ පාලනය සඳහාද බුදුදහම මඟින් ඉමහත් බලපෑමක් එල්ල විය. ක්‍රි.පූ 3 වැනි සියවසෙහි ශ්‍රි මහ බෝධිය ශ්‍රි ලංකාවට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි. ඇය ශ්‍රි ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය. ක්‍රි.පූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී. බුදු දහමේ හඳුන්වා දීමත් සමඟම මෙම නුවර විසල් කැපීපෙනීමක් ලැබුවාක් මෙන්ම මහා ඉඳිකිරීම් යුගයක් ද ඇරඹුනි. මහා වංශය පවසන්නේ කුටකන්‍න තිස්ස රජු විසින් රියන් හතක් උස තාප්පයක් ජල අගලක් ඉදිරියෙන් පවතින පරිදි පලමු තාප්පය ඉදිකළ බවයි. පසුව වසභ රජු විසින් මෙය රියන් 11 සිට රියන් 18 දක්වා උස්කොට තවදුරටත් බලවත් කරන ලදි. එසේම රජු විසින් ශක්තිමත් දොරටු නිවස්න, වාසල් කඩ ඉදි කර ඇති අතර ඒවායෙහි නටබුන් අදද දැකිය හැක. මහා වංශය තව දුරටත් පවසන්නේ ඉදිකිරීම් හිදී නිමිති කියන්නන් සහ වාස්තු විදුවන් ගේ උපදෙස් ලැබූ බවය.

පූජනීය දන්ත ධාතුවේ සම්ප්‍රාප්තිය

කිත්සිරිමෙවන් රජ සමයේදී හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවන ලදී. එම රජු විසින් දන්ත ධාතුව පෙරහැරකින් වඩම්මවා මන්දිරයක තැන්පත් කරන ලදී. මෙම පෙරහැර වාර්ශිකව පවත්වන ලෙස රජු අණ කල අතර අදටත් එය චාරිත්‍රයක් ලෙස රටෙහි පවතී. බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ඉතා ඉක්මනින්ම රටෙහි පූජනීය වස්තුවක් මෙන්ම රජ්‍ය භාවය තහවුරු කරන සංකේතයක් බවට පත් විය. දන්ත ධාතුව ළඟ තබා ගන්නා පුද්ගලයා රටෙහි නියම පාලකයා විය. එමනිසා බොහෝ විට එය රජ මාළිගාවෙහිම නිදන් කොට තබන ලදී.

වැසි ජල කලමණාකරන තාක්‍ෂණය

රජරට රාජධානියේ ප්‍රධානතම ජයග්‍රහණය වූයේ වැසි ජලය මනාව කලමණාකරන කලහැකි වාරිමාර්ග බිහිවීමයි. ඒ හේතුවෙන් වියළි කලාපයේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් සඳහා ජලය සැපයීම සිදු විය. මෙම වාරිමාර්ග ඉදිකිරීම් මඟින් එම යුගයේ මිනිසුන් තුළ තිබූ උසස් තාක්ෂණික හා ඉංජිනේරු හැකියාවන් මනාව පිළිඹිබු කරයි

සමකාලීන රාජධානි

දේවානම්පිය තිස්ස රජ ගේ සොහොයුරු මහානාග කුමරු විසින් රජරට රාජධානියෙන් ස්වාධීන රුහුණුරාජධානිය පිහිටුවාගන්නා ලදී. රජරට රාජධානිය ආක්‍රමණියන් අතට පත් බෝහෝ අවස්ථාවලදී රුහුණුරාජධානිය බලය රැකගැනීමට ස්වදේශික සිංහලයන් සමත්විය.

ආක්‍රමණයන්

රජරට රාජධානියට අඛණ්ඩව පැවතුණු තර්ජනයක් වූයේ දකුණු ඉන්දීය ආක්‍රමණයන්ය. එලෙස සිදු වූ ආක්‍රමණයන්ගෙන් සතුරන් පරදවා රජධානියේ පාලනය නැවත ලබාගත් දුටුගමුණු, වළගම්භා, ධාතුසේන, Iවන විජයබාහු, ලීලාවතී වැනි පාලකයන් කාගේත් අවධානයට ලක්විය. අනෙකුත් පාලකයන් මතකයේ රැඳුනේ ඔවුන් විසින් සිදු කරන ලද හමුදා ජයග්‍රහණ නිසාය. දකුණු ඉන්දියාවට එරෙහිව ආක්‍රමණයන් දියත් කළ පළවන ගජභාහු, පන්ධ්‍යන් දේවියට පිහිට වීමට තම හමුදාවන් යැවූ දෙවන සේන, එවැනි පාලකයන්ය. රජරට රාජධානියට එරෙහිව ආක්‍රමණයන් කිහිපයක් සිදුවූ අතර ඒවා සියල්ලක්ම දියත් කරන ලද්දේ දකුණු ඉන්දියාණුවන් විසිණි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වාර්තාගත ආක්‍රමණය සිදුවූයේ සූරතිස්ස(ක්‍රි.පූ 247-237) රජු සමයේදීය. එය සිදු කරන ලද්දේ සේන හා ගුත්තික යන දකුණු ඉන්දීය අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකු විසිනි. අවුරුදු විසිදෙකක පාලන කාලයෙන් අනතුරුව අසේල(ක්‍රි.පූ 215-205) විසින් ඔවුන් පරජය කරන ලදී. ඉන් අනතුරුව පැවති තවත් ආක්‍රමණයක් හේතුවෙන් චෝළ රජකු වූ එලාර(ක්‍රි.පූ 205-161) අසේල රජු පරදවා රටෙහි පාලකයා බවට පත් විය. එලාර අවුරුදු 44ක් රට පාලනය කළ අතර ඔහුව පරජයට පත් කරන ලද්දේ දුටුගැමුණු විසිනි. කෙසේ නමුත් මහාවංශ වාර්තා වලට අනුවඑළාර විසින් රට යුක්තිගරුක ලෙස සහ සධාරණ ලෙස පාලනය කළ බව කියැවේ.


දකුණු ඉන්දියාව සහ ශ්‍රි ලංකාව
ක්‍රි.පූ 103 දී ද්‍රවිඪ නායකයන් පස් දෙනෙකු වූ

1.            පිලහත්ත,
2 බාහිය, 3 පනයාමර, 4 පිලියාමර 5 දතික
විසින් රට නැවතත් ආක්‍රමණය කරන ලදී. ඔවුන් ක්‍රි.පූ 89 දක්වා රට පාලනය කළ අතර වළගම්භා හට පරාජයට පත් විය. පසුව ඇති වූ තවත් ආක්‍රමණයක් නිසා රටෙහි පාලනය දකුණු ඉන්දීය පාලකයන් සය දෙනෙකු වූ පණ්ඩු, පාරින්ද, තිරිතර, දාතිය සහ පීතිය යටතට පත් විය. ධාතුසේන විසින් ඔවුන් පරදවා නැවත බලය ලබා ගන්නා ලදී. I වන සේන(833–853) සහ III වන උදය(935–938) රජ සමය තුළ දකුණු ඉන්දියාවෙන් බොහෝ ආක්‍රමණ සහ කොල්ලකෑම් එල්ල විය.
කෙසේ නමුත් මෙම ආක්‍රමණිකයන්ගෙන් කිසිවෙකු ඔවුන්ගේ පාලනය රටෙහි දකුණු ප්‍රදේශය වූ රුහුණ දක්වා දීර්ඝ කර නොගත්හ. එබැවින් ශ්‍රී ලාංකීය පාලකයන් සහ උරුමක්කාරයන් ඔවුන්ගේ හමුදාවන් මෙම ප්‍රදේශය තුළ සංවිධානය කොට ගෙන ඔටුන්න නැවත ලබා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලාංකීය ඉතිහාසය මුළුල්ලේම සතුරු ආක්‍රමණ වලින් රට බේරා ගත් අවස්තාවලදී රුහුණ මුල් වී ඉමහත් සේවයක් කරන ලදී.


පරිපාලනය


රාජධානිය රජුගේ පාලනයට යටත් විය. රාජ්‍යත්වයට සම්බන්ධ වූ කැප කිරීමේ උත්සව සහ පිළිවෙත් ක්‍රමයන් ආරම්භ වූයේ දේවානම්පිය තිස්ස රජු සමයේදීය. එය එලෙස සිදු වූයේ ඉන්දියාවේ අශෝක රජුගෙන් ලැබූ ආභාශය හේතු කොට ගෙනය. දුටුගැමුණු රජු විසින් ප්‍රථම වරට මුළු රටම තමන් යටතට පත් කොටගෙන රට එක්සේසත් කරන ලදී. ඔටුන්නේ හිමිකාරිත්වයෙහි අනුපිළිවෙල සිදුවූයේ පිය පරම්පරාවට අනුකූලවය. එය සිදු කළ නොහැකි අවස්තාවකදී පෙර රජුගේ වැඩිමහල් සහෝදරයාට ඔටුන්නේ හිමිකාරිත්වය උරුමයෙන් ලැබුණි. සහෝදරයන් නොසිටියේ නම් වැඩිමහල් පුත්‍රයා හට ඔටුන්න උරුම විය.
අනුරාධපුර රාජධානියේ ආරම්භයේ සිට පාලකයෝ සතර දෙනෙකු රාජ්‍යය පලනය කරන ලදහ. විජයගෙන් ආරම්භ කොට සුභරාජ(60-67) දක්වා සිටි පාලකයන් සාමාන්‍යයෙන් හැඳින්වූයේ විජයන් රජ පෙළපතට අයත් අය ලෙසයි. මෙම රජ පෙළපතට අයත් වූ පණ්ඩුකාභය අනුරාධපුර රාජධානියේ ප්‍රථම පාලකයා විය.
                                                                                                                            
රුවන්වැලිසෑය අසල
                                                                                                                  
පිහිටුවා ඇති දුටුගැමුණු ප්‍රතිමාව
                                                                                                                     
ළඹකන්න වංශයට අයත් වසභ විසින් බලය පැහැර ගන්නා තුරු විජයන් පෙළපත පැවතුණි. වසභ විසින් ඔටුන්න හිමි කර ගැනීමත් සමඟ ළඹකන්න රජ පෙළපත ආරම්භ වූ අතර එම පෙලපතට අයත් පාලකයන් සියවස් තුනකට වඩා වැඩි කාලයක් රට පාලනය කරන ලදහ. නව රජ පෙළපතක් ආරම්භ වූයේ 455දී ධාතුසේන කාලයේදීය. එය මූරිය රජ පෙළපත විය. ඇතැම් ඉතිහාසඥයන් විසින් මෙම රජ පෙළපතෙහි ආරම්භය ශාඛ්‍ය රජු ලෙස හැඳින්වූවත් ආරම්භක රජු තවමත් අවිනිශ්චිතය. අනුරාධපුර යුගයේ පැවති අවසාන රජ පෙළපත වූයේ දෙවන ළඹකන්න රජ පෙළපතයි. එය මානවම්මගෙන්(684-718) ආරම්භ වූ අතර අනුරාධපුර රාජධානියේ අවසාන පාලකයා වූ V වන මහින්ද දක්වා පැවතුනි.

අනුරාධපුර රජකම් කර රජවරු

අනුරාධපුර රජකම් කර රජවරු විවිධ වු යුගයන්වලට අයත් වුවෝ විය.පහත දැක්වෙන්නේ එම යුගයන් ය.

පණ්ඩුකාභය රාජ වංශ යුගය 1

·         මුඨසිව රජ (පණ්ඩුකාභය රජගේ පුත්)
·         තිස්ස රජ
·         උත්තිය රජ
·         මහාසිව රජ

චෝල යුගය

චෝල යුගය - රජරට රාජධානිය

·         ආක්‍රමණක චෝල සේන හා ගුත්තික (අශ්වාචාරි)
·         අසේල රජ (දේවානම්පිය තිස්ස බාල සොයුරු)
·         ආක්‍රමණක චෝල එළාර රජ

චෝල යුගය - මායා (කැළණි) රාජධානිය

චෝල යුගය - රුහුණු රාජධානිය

පණ්ඩුකාභය රාජවංශ යුගය 2 - සිංහලේ රාජධානිය

·         සද්ධාතිස්ස (සැඳෑතිස්)
·         තුලත්ථන
·         ලංජතිස්ස (ලැමිණිතිස්)
·         බල්ලාඨනාග
·         වළගම්බා රජු (වට්ටගාමිණී අභය/වලගම් අබා)
·         ආක්‍රමණක පංච ද්‍රවිඩයන් (පුලහත්ථ, බාහිය ,පනයමාර,පිළයමාර, දාඨිය)
·         වළගම්බා රජු (යළි රජවීම)
·         මහවුලිතිස්ස
·         චෝරනාග
·         තිස්ස (කුඩාතිස්ස)
·         සිව
·         වටුක
·         දාරුභාතික තිස්ස
·         තිලිය (පුරෝහිත බමුණා)
·         කූඨකණ්ණ තිස්ස
·         භාතික අභය
·         මහාදාථික මහානාග
·         ආමන්ද- ගාමිණී අභය
·         කණිරජානු තිස්ස
·         චූලාභය
-- අරාජික සමය --
·         ඉලනාග
·         චණ්ඩමුඛසීව
·         යසලාලක තිස්ස

සුබ රජ

·         සභ (සුභ)

ලම්බකර්ණ රාජ වංශය

·         වසභ රජ
·         වංකනාථතිස්ස
·         ගජබාහුක - ගාමිණී (Iවන ගජබාහු රජ)
·         මහල්ලකනාග
·         භාතික තිස්ස
·         කනිට්ඨතිස්ස
·         බුජ්ජනාග
·         කුංචනාග
·         Iවන සිරිනාග
·         වෝහාරිකතිස්ස (වෙහෙරතිස්ස)
·         අභයනාග
·         IIවන සිරිනාග
·         විජය - කුමාර
·         Iවන සංඝතිස්ස
·         සිරිසංගබෝධි (දැහැමි සිරිසඟබෝ)
·         ගෝඨාභය (ගොළු අබා)
·         Iවන ජෙට්ඨතිස්ස
·         මහාසේන ( මහසෙන්)
·         සිරි මේඝවණ්ණ( කිත්සිරිමෙවන්)
·         IIවන ජෙට්ඨතිස්ස
·         Iවන උපතිස්ස
·         මහානාම
·         වට්ටගාහජන්තු
·         මිත්තසේන (මිත්සෙන්)

ෂඩ් ද්‍රවිඩයන්

·         පණ්ඩු
·         පාරින්ද
·         ඛුද්ධ පාරින්ද
·         තිරිතර
·         දාඨිය
·         පීඨිය

මෞර්ය රාජ වංශය

ධාතුසේන රජු
I
වන කස්සප (සීගිරි කසුබු) (සීගිරි බලකොටුව සට රට පාලනය කලේය)
මොග්ගල්ලාන (මුගලන්)
කුමාර - ධාතුසේන (කුමාරදාස /කුමාරදාස්)
කිත්තිසේන
සිව
II
වන උපතිස්ස
සීලාකාර අම්බ සාමනේර
දාඨාපභූති (දාපලුසෙන් )
II
වන මොග්ගල්ලාන
කිත්සිරිමේඝ ( කුඩා කිත්සිරිමෙවන් )
මහානාග
I
වන අග්ගබෝධි (අක්බෝ)
II
වන අග්ගබෝධි (කුඩා අක්බෝ )
II
වන සංඝතිස්ස
III
වන මොග්ගල්ලාන
සීලාමේඝවණ්ණ
III
වන අග්ගබෝධි සිරිසංඝබෝධි
II
වන ජෙට්ඨතිස්ස
III
වන අග්ගබෝධි (යළි රජවීම)‍
දාඨෝපතිස්ස
II
වන කස්සප
I
වන දප්පුලු
හත්ථදාඨ
IV
වන අග්ගබෝධි
දට්ට
II
වන හත්ථදාඨ

ලම්බකර්ණ මානවම්ම රාජ වංශය


මානවම්මරජ
V
වන අග්ගබෝධි
III
වන කස්සප
I
වන මහින්ද
VI
වන අග්ගබෝධි
VII
වන අග්ගබෝධි
II
වන මහින්ද
I
වන උදය
III
වන මහින්ද
VIII
වන අග්ගබෝධි
II
වන දප්පලු
IX
වන අග්ගබෝධි
I
වන සේන
II
වනසේන
II
වන උදය
IV
වන කස්සප
V
වන කස්සප
III
වන දප්පුලු
IV
වන දප්පුල
III
වන උදය
III
වන සේන
IV
වන උදය
IV
වන සේන
IV
වන මහින්ද
V
වන සේන
Vවන මහින්ද රජ (මිහිදු) (ක්‍රි.ව. 982 - 993)
 මහා මෙිඝ උද්‍යානය ගොඩනැගිම.

 අනුරාධපුරය නගරය ගොඩනැගිමට මුල් වුයේ පණ්ඩුකාභය රජතුමා විසිනි. එය අගනගරය ලෙසට තවදුරටත් පවත්වාගෙන යනලද්දේ ඔහුගේ පුත් මුටසිව විසිනි.ඔහු රාජ්‍යත්වයට පත් වුයේ බුද්ධ පරිනිර්වාවසර 176කට පසුව ය.ඔහු විසින් ''මහා මෙිඝ විනෝද උද්‍යානය'' සකසනු ලැබිය. මෙිකි උද්‍යානය මල් සහ ඵල සහිත සියලු ආකාරයේ වෘකෂයන්ලගන් පිරි අලංකාරව පැවතුනි.උද්‍යානය ගෙ‍ාඩනගන කල්හි මහා වර්ෂාපතනයක් ඇදහැලුන බැවින් මහා ධාරානිපාත වර්ෂාව යන අර්තය සිංහල ‍භාෂාවෙන් මහා මෙිඝ යන නමි ලැබුණි.වර්ග සැතපුමි ගණනාවක විහිදුන මෙයපිහිටා තිබුනේ නගර සිමාවෙන් පිටත දකුණු භාගයෙහිය.මෙකි උද්‍යානයේ පිහිටිම ගැන මහින්දාගමනයේ පව‍ා ප්‍රකට වි ඇත.එමෙන්ම දෙවනමිපියතිස්ස රජු කල උද්‍යානයෙහි විවිධආගමිික පුජාවන් පවත්වන ලදි
   
 අනුරාධපුර ඉතිහාසය සමග බැදි පවතින මල්වතු ඔය හෙවත් කදමිභ නදිය,අනුරාධපුරයට පැමිනෙණ සියලු දෙනා විසින් දැක බලා ගන්නා මහත් ප්‍රසිද්දියට පත් නදියකි.එය මුලින්ම හදුන්වන ලද්දේ කදමිභ නදී යන නාමයෙන් ය.උද්‍යානයට සමිපව පිහිටා ඇති බැවින් එය මල්වතු ඔය මෙවත් ''මල් වත්තඔය'' යන නමින් හැදින්විය. මෙය පිහිටා ඇත්තේ් උද්‍යානයේ නැගෙනහිර සිමාවෙහි ය.
උපුටා ගැන්ම-(The Ruined city of Ceylon)


අනුරපුරයේ අටමස්ථාන


 
වැඩිම කාලයක් මෙරට අගනුවර ලෙස යොදාගත් නගරය වන්නේ ඓතිහාසික අනුරාධපුරවරයයි.ඒ හේතුව නිසාවෙන්ම ඉතිහාසය, පුරා විද්‍යාව මෙන්ම බෞද්ධාගමික සාධක සහ නටඹුන් අතින්ද අනුරාධපුරය සෙසු රාජධානි පැවතුනු නගර වලට වඩා පොහොසත්ය. දෙවන පෑ තිස් රජ දවස භාරත දේශයේ සිට මිහිඳු මා හිමි මෙරටට බෞද්ධ ධර්මය ගෙන ආ දින පටන් මෙරට පාලකයෝ ස්වකීය ජනතාවට වන්දනාමාන කිරීමටත් තමන්ගේ පින් වැඩිකරගැනීමත් අරමුණු කරගෙන වෙහෙර විහාර ඉදිකරන ලදී.ඒ අතරින් අතීතයේ පටන් බෞද්ධයන්ගේ අපරිමාන ගෞරවයට ලක් වූ සිද්ධස්ථාන අටක් අනුරපුර පුදබිම අවට පිහිටා ඇත. අටමස්ථාන නමින් හඳුන්වනු ලබන මෙම ස්ථාන පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙම ලිපිය තුළින් කිරිම අපගේ අරමුණයි.ලොක උරුමයක් වන අනුරාධපුරයේ වන්දනා චාරිකාවක් යන්නට අදහස් කරන කාට වුවද තමන් යන ගමන පිළිබඳ යම් අදහසක් මෙම ලිපිය තුළින් ගත හැකිය යන්න අපගේ අදහසයි.
අටමස්ථාන අතර මුල් තැන හිමිවන්නේ ගෞතම බුදුන්ට බුද්ධත්වය ලබාගැනීමේදී සෙවන දුන් ජයසිරිමහා බෝධීන් වහන්සේටයි. ඉන්දියාවේ පිහිටි බෝධීන් වහන්සේගේ ශාකාවක් වන මෙය දැනට ලොව පවතින පැරණිතම වෘක්ෂයක් ලෙසද සැලකේ.පොළව මට්ටමෙන් අඩි 35ක් පමණ ඉහලින් වන බොධිඝරයක රෝපණය කර ඇති මෙම බෝ වෘක්ෂය දැනට ඇති බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වන පැරණිතම වෘක්ෂයද වන්නේය.උඩ මළුවේ රෝපිත මෙම ‍බොධියෙන් හටගත් අංකූර ශාකා අෂ්ඨ පල බෝධීන් ලෙසින් හැඳින්වෙන අතර ඒවා රටේ සිවි දිග ‍බෞද්ධ සිද්ධස්ථාන වල අතීත රජවරුන් විසින් රෝපණය කර ඇත.අතීතයේ වන සිව්පාවුන්ගෙන් මෙම බෝධියට සිදුවන හානි වලක්වා ගැනීමට වෙනමම කැපවූ පිරිසක් මෙම අවට ගිණිමැල ආදිය දල්වාගෙන මුරකාවල් යොදා සිට ඇත.දකුණු ඉන්දීය පාලකයන්ගේ සමයන්හිදී පවා මෙම වෘක්ෂයට කිසිදු හානියක් සිදුකළ බවට වාර්තා වී නැත.
උඩමළුවේ සිට බැලූ මානයේ පිහිටා ඇති ස්වේත වර්ණ මහා දාගැබ අටමස්ථානයන් හි තවත් එක් වටිනා සිද්ධස්ථානයකි.දුටුගැමුණු රජුන් විසින් ඉදිකරන්නට යෙදුනු මෙම මහා දාගැබ ස්වර්ණමාලී මහා සෑයයි. රුවන්වැලි සෑය නමින්ද හඳුන්වනු ලබන මෙය මීටර 55ක් පමණ උසට ඉදිකර ඇති බුබ්බුලාකාර ස්වරූපයේ චෛත්‍යයකි. ලක්දිව එක්සේසත් කිරීමෙන් අනතුරුව නිර්මාණය ඇරඹී මෙම මහා සෑයේ අවසානය සියැසින් දැක ගැනීමට මෙයට මූලිකත්වය දුන් දුටුගැමුණු රජුට හැකියාව ලැබී නැත. එබැවින් මරණාසන්න රජු මෙම සෑය අබියසට රැගෙන විත් එය නිර්මාණය කර ඇති වග පෙන්වීමට උණ බම්බු සහ සුදු රෙදි ඔතා තාවකාලිකව නිම කරන ලද චෛත්‍යය රජුට පෙන්වීමට ඔහුගේ සොයුරු කටයුතු කර ඇති බව පුරාවෘත්ත වල සඳහන් වෙයි.
රුවන්වැලි සෑය පෙනෙන මානයේ පිහිටා ඇති ගල් කුළු රැසකට මැදි වූ කුඩා චෛත්‍යය ථූපාරාමයයි.මිහිඳු හිමියන්ගේ සමයේම ඉදිවූ මෙය ලක්දිව මුල්ම චෛත්‍යය ද වන්නේය.දේවානම් පියතිස්ස රජුන් විසින් කරවූ මෙහි මුල් හැඩය ධාන්‍යාකාර වූ බව පුරාවිද්‍යා මතයයි.ස්ථූපයක් මැදිකොට තැනූ ආරාමය යන අරුත මෙය‍‍ට ලබා දී ඇත.මෙහි උස මීටර 19ක් පමණ වෙයි.ගල් කුළු මත ඉදිකරන ලද දැවමය වහලයකින් ආවරණය ලද මෙවැනි ස්ථුප වටදාගෙය නමින් හඳුන්වනු ලැබේ.
දුටුගැමුණු රජු විසින් අදින් වසර දෙදහසකට පමණ පෙර ඉදිකරන ලද සංඝාවාසයක් උඩමළුවටත් රුවන්වැලි මහා සෑයටත් අතරේ පිහිටා ඇත. අටමස්ථාන අතර තවත් එක් වැදගත් ස්ථානයක් වන මෙය ලෝවාමහාපායයි.දැනට ඉතිරිව ඇත්තේ ගල් කණු 1600ක් පමණ වුවත් එදා හෙළ රජ දවස මහා සංඝරත්නය දහසකටත් වඩා නවාතැන් පහසුකම් සැලසූ මහල් නවයකින් යුතු සුවිසල් ගොඩනැගිල්ලක්ව පැවතුණු මෙම සිද්ධස්ථානයේ වහලය පිත්තලෙන් නිර්මාණය කර තිබූ බවට මතයක් පවතී.
මුල් යුගයේ ජේතවනාරාමය ලෙසින් හඳුනාගනු ලැබූවද පසුකාලීනව අභයගිරිය ලෙසින් ස්ථිර කරගත් මහා සෑය අටමස්ථානයේ තවත් එක් වැදගත් ස්ථානයකි.දැනට ගරාවැටී ඇති නමුත් සංස්කරනයන් සිදුවෙමින් පවතින මෙය එදා මෙරට බෞද්ධාගමික මධ්‍යස්ථාන අතර මුල්තැන ගත් විහාරාරාම සංකීරණයක්ව පැවත ඇත. මෙය වළගම්බා රජුගේ ඉදිකිරීමකි.එවකට සංඝයා වහන්සේ 5000ක් පමණ මෙහි වැඩවිසූබව සඳහන්ය.සොලී පහරදීම් හමුවේ පලායමින් සිටි වලගම්බා රජුට “මහා කලු සිංහලයා පලා යනවා” යැයි කියමින් නින්දා කල ගිරි නම් ජෛන පූජකයෙක් මෙහි විසූ බවත් රජු නැවත රජවූ පසු ගිරි පලවා හැර තමාට සැඟවී සිටි සමයේ උදව් උපකාර කල හිමි නමකට මෙම විහාරය කරවා පූජාකල බවත් සඳහන්ය.
දැනට සංරක්ෂණය කර ඇති අභයගිරිය තරමේම තවත් එක් මහා සෑයකි ජේතවනාරාමය. අටමස්ථාන අතර තවත් එක් වැදගත් ස්ථානයක් වන මෙය මහසෙන් රජ සමයේ ඉදිකරනු ලැබ ඇත.දැනට මෙය උසින් මීටර 70ක් පමණ වන නමුත් එය එවකට මීටර 100ක් පමණ වන්නට ඇති බව පුරාවිද්‍යා මතයයි.මෙය ලොව තෙවැනි උසම ඓතිහාසික ඉදිකිරීමද වන්නේය.වර්ෂ එක්දහස් නවසීයේදී පමණ ලියැවී ඇති බිතාන්‍ය කෘතියක සඳහන්ව ඇත්තේ මෙම දාගැබේ වූ ගඩොල් වලින් ලන්ඩන් නුවර සිට එඩින්බර්ග් දක්වා මීටර තුනක පමණ සෘජු බැම්මක් ඉදිකලහැකි බවයි.මෙය එවකට සංඝයා වහන්සේලා 3000කට පමණ නවාතැන් පහසුකම් සැලසූ බව සඳහන්ය.
එළාර රජු පරදා ලක්දිව එක්සේසත් කල දුටුගැමුණු රජු,තිසාවැව අසබඩ තමන්ගේ ජය කොන්තය නිදන්කර නිර්මාණය කරන ලද දාගැබ මිරිසවැටියයි. තිසාවැවත් බසවක්කුලම වැවත් යා කරන මාවත පසෙකින් පිහිටා ඇති අටමස්ථාන අතර තවත් එක් සිද්ධස්ථානයක් වන මෙහි පසෙකින් බිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද සිර මැදිරි සංකීරණයේ කොටසක් දැකගත හැකිය. එවකට වැරදි කරුවන් එල්ලා මැරීමද මෙම ස්ථානයේ සිදුකර ඇත.සංඝයා වහන්සේට නොපිළිගන්වා කිසිත් අනුභව නොකල දුටුගැමුණු රජු අතපසුවීමකින් සංඝයා වහන්සේට නොදී මිරිස් මාළුවක් ආහාරයට ගත් හෙයින් ඒ වැරැද්ද හදාගැනීම අරමුණුකර මෙය නිර්මාණය කලබවජන වහරේ මෙන්ම අතීත පොත්පත් වලද සඳහන්ව ඇත.
අටමස්ථාන අතර අවසන් සිද්ධස්ථානය ලංකාරාමයයි.මෙය වළගම්බා නිරිඳුන්ගේ නිර්මාණයකි.මේ පිළිබඳව සඳහන් වන ඓතිහාසික තොරතුරු අවම වන අතර දැනට ඉතිරිව පවතින ගල්කණු දෙස බැලීමේදී මෙයද අනිවාර්යයයෙන්ම ථුපාරාමයේ මෙන් වටදාගයකින් ආවරණය වී තිබෙන්නට ඇති බව අනුමාන කල හැකිය.

අනුරාධපුර රාජධානියේ අවසානය

දිගින් දිගටම වූ දකුණු ඉන්දීය ආක්‍රමණ වලින් තැවුණු නගරය අවසානයේදී ක්‍රි.ව. 1017 දී අතහැර දැමිණ. මෙම මහා නගරය ක්‍රි.පූ. 5 වන සියවසයෙහි සිට ක්‍රි.ව. 1017 දක්වා ලංකාවේ අඟනගරය ලෙස පැවතුනි. එහි පසුබැස්ම ඇරඹියේ දකුණි ඉන්දීය ආක්‍රමණයන්ට එරෙහිව දිගින් දිගටම වූ යුද වැදීම නිසා රාජධානිය ආර්ථිකමය අතින් දුප්පත් වීමය. ක්‍රි.ව. 1017 දී චෝල අක්‍රමණික හමුදාව අනුරාධපුරය අතහැර ඊට සාපේක්‍ෂව ආරක්‍ෂිත පොළොන්නරුවට පරිපාලන නගරය ගෙන ගියේය. නගරයට සහ එහි වූ වාරී සංකීරණයට වූ අති මහත් විනාශය හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම අතහැර අවුරුදු දහසකට ආසන්න කාලයක් ජරාවාස වන්නට හැරුණි. පසුව 19 වන සතවසරේදී බ්‍රිතාන්‍ය පරිපාලනය විසින් කැළෑ හෙළි කර නැවත ජනාවාස ඇති කෙරිණි.

No comments:

Post a Comment