Tuesday, December 2, 2014

මහින්දාගමනයත් සමග පිබිදුනු අනුරාධපුර නගරය

මහින්දාගමනයත් සමග පිබිදුනු අනුරාධපුර නගරය.

ප‍්‍රාග් මහින්ද අනුරාධපුරය විජය රජු ලක්දිව පාලනය කර නමුදු එක්සේසත් කරනු ලැබුවේ ඔහු නොවේ. මුළු ලක්දිව එක්සේසත් කර පාලනය කරනු ලැබුවේ පණ්ඩුකාභය කුමරු විසිනි. විජය සමග පැමිණි පිරිස තම තමන්ගේ නම්වලින් ගම් ආරම්භ කළ ද ඒවා නගර සේ ක‍්‍රමවත්ව නිර්මාණය නොවන්නට ඇත. නමුත් එක්තරා ආකාරයට එය ද නගර නිර්මාණයට පසුබිමක් සැලසූ බව නොඅනුමානයි. විජය පෙළපත පහකර ශාක්‍ය පෙළපත ආරම්භ කරනුයේ පණ්ඩුකාභය කුමරු විසිනි. ඔහු මුළු ලක්දිවම එක්සෙසත් කරනු ලැබිය. අනුරාධ කුමරු විසින් අනුරාධ නැකතින් තැනූ අනුරාධ ග‍්‍රාමය මුල්කරගත් ප‍්‍රදේශය මෙම අනුරාධපුරය නගරය නිර්මාණය සදහා යොදා ගෙන ඇත. අනුරාධපුර නගරය නිර්මාණය කරන්ට ප‍්‍රථම පැවැතියැයි සැළකිය හැකි දියුණු තක්‍ෂණික හැකියාවන් පැවැතිබවට සාධක හමු වි තිබේ.අනුරාධපුර ඇතුල් නුවර කළ කැණීම් ඹස්සේ එහි ආදිවාසීන්ගේ පැවැත්මට සම්බන්ධ තොරතුරු හෙළිවී ඇත. මූල ඓතිහාසික ලෝහ යුගය ක‍්‍රිපූ 900 - 600 අතර යැයි සැලකිය හැකි අතර එය දියුණු ලෝහ ශිල්ප ක‍්‍රමයන් සහිත හා කාල රක්ත වර්ණ මැටි භාජන, අශ්වයා, හීලෑකළ ගවයා සහ වී ගොවිතැන ආදී ලකුණින් හදුනා ගත හැකියි. මේ අනුව අනුරාධපුර නගරය නිර්මාණය වීමෙහිලා ඊට පෙර පැවති නගර නිර්මාණ ශිල්පයන් මෙන්ම වෙනත් විදේශීය ශිල්පයන්ද උපකාර කරන්නට ඇත.
මුල් කාලිනව නගරය යන්නට පුර යන්න භාවිත වි ඇත.නගරයට ඉන්දියාවේ වර්තමානයේ පුර් යන්න භාවිත කරයි.පෙර නගරය ඇතුලු නුවර යැයි ද ඉනි පිටත වෙනත් නම්වලින් ද හදුන්වා ඇත.රාජකීය සියලු ගෘහයන් පැවතුනේ ඇතුලුනුවරය.එමනිසා ම පසු කාලීනව අන්ත:පුර යන යෙදුම ද යෙදුනේ මෙම හේතුව නිසා ය.එම නිසා ම නගරයක ඇතුලු ප්‍රදේශය වෙන් කරන ලද යම් සීමාවක් නිශ්චිතව මෙහි පැවති ඇත.
 අනුරාධපුර නගරය වෙළද මද්‍යස්ථානයක්ද විය. විශේෂීකරණය වූ වෙළද ප‍්‍රදේශ වාණිජ ගාම හෙවත් නිගම යනුවෙන් හැදින්විය. නගරයට ඇතුළු වන ස්ථාන හෙවත් දොරටු ද්වාර ග‍්‍රාම නම් විය. විජය රජු කාලයේ වූවද මෙරට වෙළද මධ්‍යස්ථානයක්ව පවතින්නට ඇත. නමුත් නගරයක් ලෙස ක‍්‍රමානුකූලව නිර්මාණය වූ බවට සාදක නැත. ක‍්‍රමාණුකූලව නගරයක් නිර්මාණය කළේ පණ්ඩුකාභය රජතුමාය. ලක්දිව පළමු වරට එක්සේසත් කළ ශාක්‍ය පරපුරකට උරුම කම් කියන්නකුසේ සලකන ලද්දේ පණ්ඩුකාභය රජතුමාය. එමනිසා පසුකාලීන රජවරු තම රාජපරම්පරාවේ ආදිතමයා ලෙස සලකන ලද්දේ විජය නොව පණ්ඩුකාභය රජතුමාය.අනුරපුර අවසාන භාගයේ විසූ සිවුවැනි මිහිදු රජු තම ආදිතමයා විජය නොව පනණ්ඩුකාභය යැයි සැලකීය. දීපවංශයේ එක්තැනක පණ්ඩුකාභය කුමරු පකුණ්ඩකයැයි නම් කිරීම තුළින් ( ධූර්ත චෞර) ඔහුට ප‍්‍රබල ප‍්‍රතිපක්ෂ කණ්ඩායම් සිටි බව පැහැදිලි වේ. එම නිසා ඔහු නගර නිර්මාණ කිරීමේදී ආරක්ෂාව පිළිබඳව සැලකිළිමත් වන්නට ඇත. පුර යනු ‘‘පේතෘ’’ ශබ්දයෙන් ආරක්ෂාවන ස්ථානයයි. එම නිසා ඔහු අනුරාධපුරය ආරක්ෂිත නගර නිර්මාණයක් ලෙස ඉදිකරවන්නට ඇත. ‘‘ ඕනෑම නගරයක් ආරම්භයේ කිසියම් සැලසුම් ගත කිරීමක් කළ යුතුය. ක‍්‍රි.පූ 04 වන සියවසේ පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි අනුරාධපුර නගරයද එසේ විය. නගරයේ ප‍්‍රධාන අවධානය යොමු වූයේ ආරක්ෂා වෙතයි’’ පුරයකට අත්‍යවශ්‍ය අඕගයක් වූ ප‍්‍රාකාරයක් පණ්ඩුකාභය රජු අනුරාධපුර නගරයට කරවීද යන්නට සාදක නැත. නමුත් ක‍්‍රි. පූ. 41-19 අනුරාධපුර ප‍්‍රාකාරය සත්රියන් කරවා දිය අගල්ද ඇතිකරවී යැයි මහාවංශයේ සදහන් වේ.
පණ්ඩුකාභයගේ සමකාලීනයකු වූ මෞර්ය අධිරාජ්‍යයේ මූලිකයා වූ චන්ද්‍රගුප්ත රජුගේ රාජධානිය වූ පාටලී පුත‍්‍ර නගරය වටා දාරුමය ප‍්‍රාකාරයක් තිබී ඇත. දඹදිවට නිබද ආභාසය ලද රටක් වූයෙන් මෙහි පණ්ඩුකාභය කරවූ ප‍්‍රාකාරයද දැවයෙන් හෝ මැටියෙන් කරන්නට ඇත. චන්ද්‍රගුප්ත මාළිගයේ ගල් ඔපදමා තිබූ අතර එය ග‍්‍රීක පර්සියන් සම්බන්ධකමේ ප‍්‍රතිඵලයක් ලෙස බව එරට උගතුන් පැහැදිලි කරයි. මෙරට වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවතුණු බැවින් එවැනි ප‍්‍රාකාරයක් මෙහි පැවති බවට තර්ක කළ හැකිය. නගරයෙන් පිටත සොහොන් බිම් ආදියද කර වු බැවින් පැහැදිළිවම නගර සීමාවක් පවතින්නට ඇත. පණ්ඩුකාභය රජු මුළු දිවයිනේහිම ගම්වල මායිම් ලකුණු කළ බවට ලූහුඩින් මහාවංශයෙහි දැක්වෙන විස්තරය ඉතා වැදගත්වේ. මේතුළින් පැහැදිළි වන්නේ ඔහු ගම් සීමාවන් මෙන්ම නගර සීමාවන්ද කළ බවයි. ඒ අනුව ඇතුළු නුවර යැයි කොටසක් නිශ්චිතවම සීමාවන් ලකුණු කරන්නට ඇත. පණ්ඩුකාභයගේ ඥාතින් පාලන තන්ත‍්‍රය උගත් උත්තර භාරතයේ ශාක්‍යයන් වීම නිසා ඔහුට නගර නිර්මාණය සදහා එම අභාසය බලපාන්නට ඇත. නගරය එසේ ආරක්ෂා වන්නනට ඇති අතර අවශ්‍ය ජලය සපයා ගැනීම සදහා ජාතරස්සය ( ඉබේ හටගත් විලක්)  අභය වැව නමින් විශාල කර ඇත. පණ්ඩුකාභය කරවූ නගර නිර්මාණයට පෙර බොහෝ තොරතුරු මහාවංශයේ සදහන් නොවූවද පෙර පැවැති නගර නර්මාණ ශිල්පීය ඥාණයන් උපායෝගී කරගන්නට ඇත.
බුදුන් වැඩි කාලයේ නාගදීපයේ පිහිට වූ කිරිපලූ රුක රෝපණය කළ ස්ථානයේ කළ විහාරයක් පිළිබඳව මහාවංශයේ තොරතුරු එයි. පසුව එය භාතික තිස්ස හා දෙවැනි අග්බෝ යන රජවරුන් නොයෙක් ආරාම හා ගොඩනැගිලි ඉදිකර ඇත. මහා වංශයේ සදහන් වන පරිදි විජය විසින් තම්බපණ්ණිී නගරය පිහිටවනු ලැබූ අතර අනුරාධ ගාම, උපතිස්ස ගාම, උජ්ජයීනී, උරුවේලා සහ විජිත ගාම යන නගර පිහිටවනු ලැබුයේ ඔහුගේ සගයන් විසිනි. මහාවංශයේ නව වෙනි පරිච්ඡෙදයේ දැක්වෙන පරිදි රාමගොණ, අනුරාධ ගාම, උරුවේලා, විජිත ගාම, දීඝායු සහ රෝහණ පිහිටවනු ලැබූයේ භද්දකච්චායනාගේ සහෝදර ශාක්‍ය කුමාරවරුන් විසිනි. මෙවායින් අනුරාධ ග‍්‍රාමය හැර අනික් ඒවා නගර ලෙස ඇතැම් තැන්වල සදහන් වුවද නගරයද ග‍්‍රාමය යන අර්ථයෙන් යෙදී ඇති බව ‘‘ කලහ නගරං නාම ගාමො තත්ථ කතේ අහු ’’ යන්නෙන් පැහැදිළි වේ. එමනිසා ප`ඩුඅබා නගර නිර්මාණයේදී පෙර පැවති ශිල්පිය ක‍්‍රමයන් හා සැලසුම් හා තමන් උපයෝගී කරගත් බව පැහැදිලි වේ. ‘‘පණ්ඩුකාභය රාජකීය මන්දිරයක් තැනූ බව කියවේ.’’ මෙසේ නගරය තුළ ඔහු බල කොටුවක් නිර්මාණය කළේය, එය විශාල කර ඉදිකළ වසභ රජු ද්වාර අට්ටාලයක්ද ඉදිකළේය. මෙහි නටබුන් අදද දැකිය හැකිය. නගර නර්මාණය සදහා පණ්ඩුකාභය නැකැත් කරුවන්ගේ උපදෙස් ලබාගෙන ඇත. රාජකීය ගොඩනැගිලි ඉදිකරන ලද්දේ නගරයෙන් ඇතුළතය. ඇතුළු නුවර ප‍්‍රභු හා උසස් පැලැන්තිවල ජනයාද ඇතුළු නුවර වාසය කර ඇත. අනුරාධපුර නගරය කෞටිල්‍යගේ අර්ථ ශාස්ත‍්‍රයේ එන විශ්ව නගරයක ස්වරූපය නොගෙන ඇත. එයට අනුව සතර දිසාවට ද්වාර සතරක් තිබිය යුතු අතර නගර මධ්‍යයේ උතුරු දෙසට වන්නට රජ මාලිගය පිහිටා තිබිය යුතුය. මෙම විස්තර සමග පණ්ඩුකාභය රජුගේ නගරය නොගැලපේ. ථූපවංශයේ දැක්වෙන පරිදි නගරයේ දොරටු සතර එක හා සමාන දුරකින් පිහිටා තිබෙන බව දැක්වෙන නමුදු එමගින් සිව් දිසාවන් පිළිබිඹු නොවේ. එ් අනුව මෙරට පැවති නගර නිර්මාණය ස්වදේශීය ලක්‍ෂණ ඇතිව නිර්මාණය වූ බවට මෙය කදිම සාධකයකි. පණ්ඩුකාභය කරවූ අනුරාධපුර නගරයේ රාත‍්‍රී කාලයේ පාලනය ගෙනයාම බාරකර ඇත්තේ ඔහුගේ මාමා වූ අභයටයි. නගරය සදහා නගර ගුත්තිකයන් විධිමත් ලෙස යෙදීම තුළින් නගරය ආරක්‍ෂා කිරීමට හමුදාමය බලයක් යෙදවූ බව පැහැදිළිවේ. ප`ඩුඅබා රජු වළවාමුඛී නම් යක්ෂණිය පිණිස ඉදිකළ දෙවොලද රජුගේ මාළිගය පිහිටි භූමියේම විය.
චිත්ත රාජ යක්‍ෂයා සදහා ඉදිකළ දේවාලය නගරයේ බටහිර දෙස පිහිටි අතර කාළවේල නම් යක්‍ෂයාගේ දේවාලය නගරයේ නැගෙනහිර දෙසින් වූ බව මහාවංශයේ දක්වයි. මෙය මහසෙන් යුගය දක්වා පැවති අතර පසුව මහසෙන් රජු එය කඩාබිඳ දමා ථූපයක් කරවූ බව මහා වංශයේ සදහන් වේ. දකුණු දිසාවේ යක්ෂ යොනියේ උපන් පූර්වෝපකාරී දාසියගේ වාසස්ථානය වන්නට ඉදිකර ඇත. බටහිරට වන්නට වෛශ‍්‍රවණගේ නුගය හා ව්‍යාධ දේවතාවාග් තල්ගස ඉදිකර ඇත. උතුරුදිශාවට වන්නට තාපසයන්ගේ ආශ‍්‍රම හා ජෝතිය නිගණ්ඨයාගේ ආශ‍්‍රමය ඉදිකර ඇත. මෙය වළගම්බා රජතුමා බි`ද අභයගිරිය තැනූ බව මහාවංශයේ සදහන් වෙයි. වයඹ දිශාවට නගර ශෝධක හා වර්චස් ශෝධක හා මෘත ශබ්ර හාරක හා ස්වසාන ගොපකයන්ගේ නිවාස පිහිටා තිබූ බව මහාවංශයේ දැක්වේ. ඊසාන දිසාවට වන්නට චණ්ඩාල සුසාන ඉදිකර ඇතිබව දැක්වේ. මේ අනුව නගරය යම්කිසි සැලසුමකට අනුව නිර්මාණය කර අතර එය මෙරටට ආවේණික වූවකි. පන්සීයක් නගර ශෝධකයන්ද ඒ සදහා සැඩොලූන් පන්සීයක්ද සැඩොලූන් දෙසීයක් වර්චස්ශෝධක ලෙස කැලි කසළ සෙදීමට තනතුරු ලබාදමෙන් එහි පැවති සංකීර්ණ බව පිළිබදව කදිම සාධකයන් වේ. එතරම් පිරිස් නගරය සේදීමට හා වැසිකිළි පිරිසිදු කිරීමට කැලි කසළ නම් කිරීමෙන් නගරයේ විශාල සේවක පිරිසක් මෙන්ම විශාල ජනගහනයක්ද වූ බව පැහැදිලි වේ. මෙම කරුණු තුළින් වර්තමාන නගරයක ඇති ලක්‍ෂණවලට බොහෝ දුරට සමාන වේ.
සැඩොලූන් සදහා ඊසාන දිග කළ සුසානයට සමීපයෙන් නීච සුසානයක්ද කළ බවද මහා වංශයේ දැක්වේ එයට උතුරු දිසාවෙන් ගාමිණී නමින් තවත් වැවක් කළ බව මහාවංශයේ දැක්වේ. එමගින් නගරය තුළ පැවැති ජල පරිභෝජන අවශ්‍යතාවය මග හැරීමට හැකිවන්නට ඇත. උතුරු දිසාවට වන්නට ගිරිනිගණ්ඨයාගේ ආරාමයද විවිධ මිථ්‍යා මත දරන්නන් ඇතුළුව ශ‍්‍රමණයන්ට විසීම සදහා ප‍්‍රදේශයක්ද විය. බටහිර වාසල් දොරටුව සමීපයේ සොහාන් බිමට අමතරව වධකස්ථානයද තිබි ඇත. විවිධ යාග පූජා සදහා වෙන්කළ ප‍්‍රදේශයකුත් පැවතී ඇත. නගරයෙන් පිටතට මළසිරුරු ගෙනයාමට 150දෙනෙක්ද 150ක් සොහොන් ගොවුවන් වශයෙන් යොදවා ඇත.
. උතුරු ප‍්‍රදේශයේ ගල් පර්වත දෙකක් අතර දඩයක්කරුවන්ගේ වාසස්ථානය ඉදිකර ඇත. නීච සුසානයට උතුරින් කුම්භාණ්ඩ නම් නිගණ්ඨයන්ට මෙන්ම තවුසන්ට වෙන්වූ ආරාමද ඉදිකර ඇත. දඩයක්කරුවන්ගේ වාසභූමියට නැගෙනහිරින් මිථ්‍යාදෘෂ්ඨික පවුල් 500ක් සදහා වාසස්ථාන ඉදිකර ඇත. ආජීවකයන් සදහා වාසස්ථානද බ‍්‍රාහ්මණයන් ඇතුළු ප‍්‍රභූන් සදහා සිවිකාවන් මෙන්ම ආරෝග්‍ය ශාලා ඉදිකළ බව දැක්වේ. ඒ තුළින් එහි පැවති සමෘද්ධිමත් ස්වරූපය මනාව වටහා ගත හැක. ග‍්‍රාම සීමාවන් මුළු ලක්දිවම ලකුණු කිරීම තුළින් විධිමත් පාලනයක් පිළිබඳව දෙස් දෙයි. මෙසේ ඉදිවූ නගරය ඉතා විශාල දියුණුවක් මෙන්ම වාණිජ මධ්‍යස්ථානයක්ද වන්නට ඇත. පණ්ඩුකාභයගේ නගරද්වාර හා යෝන පිරිස වාණිජ සම්බන්‍ධයක් ඇති වෙළෙන්දන් වන්නට ඇත.
මෙසේ ඉදිවූ නගරය මුටසීව රජු හා දේවානම් පියතිස්ස රජු වැඩිදියුණු කළ බව මහාවංශයේ සදහන් වේ. මහින්දාගමනය හා එහි ඓතිහාසිකත්‍වය භාරතීය ඉතිහාසය නැමැති ආකාශය බෑබලවූ පුන් ස`දක් වන්නේ අශෝක අධිරාජ්‍යයා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ඔහු මහා යුද්ධයකින් පසුව මුළු ඉන්‍දියාවේම අධිපතිබව ලබා ගත්තේ ය. චණ්ඩාශෝක නමින් හැදින්වු ඔහු පසුව ධාර්මික ක‍්‍රියා වලට නැඔුරු වීම කරණකොට ගෙන හේ ධර්මාශෝක නම් විය. ඔහු මුලින් මිථ්‍යාදෘෂ්ඨිකයෙකු වූ අතර පසුව බුදු දහම වැළ`ද ගත්බව අශෝක ශිලා ලේඛණවල සදහන් වේ.නමුත් ඔහු සෑම ආගමකටම සමානව සැළකූබව ශිලා ලේඛණවල සදහන් වේ. බුදු දහමට විශේෂ සැළකිලි දැක්වූයේ යැයි මෙරට මුලාශ‍්‍රවල සදහන් වේ. ඇතමුන් තර්ක කරනුයේ අශොක රජතුමා බෞද්ධයෙකු නොවූ බවයි. නමුදු අශෝක සෙල්ලිපිවලින් ඇතැම් සෙල්ලිපිවල ඔහු බුදුන් ගුණ වැයු අයුරු දැක්වේ. එම කරුණු හා ඔහුගේ සෙවය පිළිබද සැළකීමේ දී ඔහු බෞද්ධයෙකු වන්නට ඇත. අශෝක අධිරාජ්‍යයාගේ කාලයෙහි සිදුවුණි යැයි සැළකෙන තුන්වන ධර්ම සංගායනාව ස`දහා අශෝක අධිරාජ්‍යයා අනුග‍්‍රහය ලබා දුන්නේය යන මතය විවිධ විවේචනයන්ට ලක් වූවකි. මෙම සංගායනාව පිළිබද කිසිදු කරුණක් අශොක ශිලා ලේඛණවල දක්නට නොලැබෙන බැවින් මෙය මිථ්‍යා ප‍්‍රබන්‍ධයකැයි ඕල්ඩන් බර්ග් ආදීහු ප‍්‍රකාශ කරති.
මෙම සංගායනාවට හේතුව ලෙස දක්වා ඇත්තේ දුසිල් මහණුනු සසුනට වැද විලෝම කිරීම හා පරවාද මර්ධනය කිරීමත් ස`දහා ය. අශෝක සෙල් ලිපිවල සංගායනාව ගැන ස`දහන් නොවතුදු මෙය සදහා පාදක වූ කරුණු පිළිබ`ද ස`දහන් වේ. දුපිළිපන් භික්‍ෂූන් වහන්සෙලාට අවවාද කළ අවස්ථා පිළිබ`ද බාභෘ , සාරානාථ , කොසම්බි ආදි සෙල් ලිපිවල ස`දහන් තොරතුරු විමසීමෙදී ඔහු බුදු සමය කෙරෙහි දැක්වූ නිරන්තර අවධානය මැනවින් පැහැදිලි වේ. එම නිසා ඔහු ධර්ම සංගායනාවෙන් වියුක්ත වන්නට ඇතැයි සැළකීම සදොස් ය. ඊ . ජේ තොමස් හා රිස්ඩෙවිඞ් වැනි බුදු දහම පිළිබ`ද ගැඹුරින් හදාළ විද්වතුත්තු මෙම සංගායනාව සදහා අශොක අනුග‍්‍රහය දුන් බව පිළිගනිති. සමකාලීන පුරිවිද්‍යාත්මක සාදක අනුවද මෙය පිළිගත හැක. ‘‘ අශොක සමයේ දී ම ස්වකීය ශාරීරික ධාතුන් කර`ඩුවෙක බහා ‘‘ සපුරිසස මොගලිපුතස ’’ යන අක්‍ෂර ලියවා සාංචියේ අංක 2 දරන ස්තූපයේ සාතිශය බහුමානයෙන් නිදන් කරවා ගැනීමට තරම් සුවිශේෂ පූජනීයත්‍වයට පත් මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගේ ක‍්‍රියා කලාපය හා කාර්ය සිද්ධීන් අගය කිරීම. මජ්ක්‍ධිම . කස්සපගොත්ත සහ දුන්දුභිස්සර යන ධර්මයතයන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් තැන්පත් කොට සාංචි හා සෝනාරි ස්තූපවල තබා තිබු ධාතු කරඩුවල දැක්වෙන ‘‘හේමවතාචරිය’’ නම් විශේෂණ පදයේ අදහස නිසැකව තහවුරු කර ගැනීම. මොවුන් වහන්සේ තෙවැනි සංගායනාවෙන් පසු පිටත් කර හරින ලද ධර්මයතයන් වහන්සේ ගේ සංඛ්‍යාවෙහිලා සැළකුණු අතර ශ‍්‍රී ලංකාවේ පාළි මූලාශ‍්‍රය ග‍්‍රන්‍ථවල ස`දහන් පරිදි , හිමාලය ප‍්‍රදේශයේ බුදුසස්න පිහිටැවීමේ කාර්යය පැවැරී තිබුණේ ඔහුනට ය. ’’ අශොක අධිරාජ්‍යයා කළ ශ්‍රෙෂ්ඨ කාර්යක් නම් ඉන්‍දියාවෙන් පිටත බුදු දහම ව්‍යාප්ත කිරීමට ඔහු අනුග‍්‍රහය ලබා දීමයි. වංශකථාවන්හි දැක්වෙන ආකාරයට කාශ්මීර ගන්‍ධාර දේශයට මජ්ඣන්තික තෙරුනද, මහිස මණ්ඩලයට මහාදේව හිමිද, වනවාසයට රක්‍ඛිත හිමිද, යවන අපරන්තයට ධම්මරක්‍ඛිත හිමිද , මහාරට්ඨයට මහාරක්‍ඛිත හමිද , හිමවතට මජක්‍ධිම හිමිද , සුවණ්ණ භූමියට සෝණ උත්තර හිමිවරු හා තම්බපණ්ණියට මිහි`දු හිමි ඇතුළු පිරිස අශොක රජුගේ උපකාර ඇතිව පැමිණි බව දැක්වේ. ලක්දිවට පැමිණියේ මිහි`දු හිමියන් බව ලක්වැසියෝ කල්පනා කරති. මහින්දාගමනය ප‍්‍රවාදයක් නොව සත්‍ය සිදුවීමක් යැයි ඔප්පු කිරීමට සමත් පුරාවිද්‍යාත්මක තොරතුරු ලක්දිවෙන් හමු වී ඇත. ක‍්‍රි.පු. පළමුවන ශත වර්ෂයට අයත් මිහින්තලයෙන් හමුවූ ශිලා ලේඛණයක ‘‘මහිද තෙරහච භද්‍රසාල තෙරහච ඉටික තෙරහච උති තෙරහච ’’ යන පාඨය වැදගත් වේ. මෙහි ධමර්ම ප‍්‍රචාරය ස`දහා පැමිණි මහින්‍ද , භද්‍රසාල , ඉට්ඨිය හා උත්තිය යන තෙරවරුන්ගේ නම් ස`දහන් වේ. මෙහි සම්බල හිමියන්ගේ නම ස`දහන් නොවීම පිළිබ`ද පරණවිතාන මහතා පවසනුයේ මෙහි අබලන්ව ගිය කොටස් තිබෙන්නට ඇති බවයි. මෙහි එන පටිමහයන වචනය පටිමායන වචනයෙන් බිදුණැකැයි සළකා මෙම තෙරවරුන්ගේ නම් ස`දහන් ප‍්‍රතිමාවක් මිහින්තලයෙහි තිබෙන්නට ඇති බවට මත පළ කරයි. නමුත් මෙහි තම්බපණ්ණියන්න දකුණු ඉන්‍දියාවේම වූවක් බවට ඇතමුහු තර්ක කරති. මෙම කාලය වන විට ඉන්‍දියාවේ එම නමින් ප‍්‍රදේශවක් පැවැති බවට සාධක තිබිම මෙම තර්කයට හේතු වී ඇත. ක‍්‍රි.ව. 7වන සියවසේ ඉන්‍දියාවට පැමිණි හියුංත්සාන් තමන් ඉන්‍දියාවට පැමිණි කල මිහි`දු හිමි දකුණු ඉන්‍දියාවේ ධම_ ප‍්‍රචාරයේ යෙදුණුබවට ප‍්‍රචලිතව පැවැතියේ යැයි ඔහු භ‍්‍රමන වෘත්තාන්ත නැමැති ග‍්‍රන්‍ථයේ ස`දහන් කර ඇත.
. මිහි`දු හිමියන් මුටසීව රජු වයොවෘද්ධ බැවින් ලක්දිවට පැමිණීමට සුදුසු කාලය පැමිණෙන තුරු ෙවිදිසගිරියට පැමිණි බව මෙරට බොහෝ මුලාශ‍්‍රවල ස`දහන් වේ. එහි වේදිසදේවීන් විසින් කරවන ලද වෙදිසගිරි විහාරයේ මසක් පමණ වැඩ විසූ බව බොධි වංසයේ ස`දහන් වේ. මෙම කාලය තුළ වේදිසගිරියටත් දක්‍ඛිණගිරියටත් ඒ හිමි පැමිණ ඇත.වේදිසගිරිය පිහිටියේ අවන්ති ජනපදයේ ය. අවන්තිය දකුණු ඉන්‍දියාවේ පිහිටියේ ය. බුදුන් වහන්සේ දවසද මහා කච්චාන හිමියන් අවන්තියේ ධම_ප‍්‍රචාරයේ යෙදී ඇත. මේ අනුව බුදුන් දවසද දකුණු ඉන්‍දියාවේ බුදු දහම ව්‍යාප්තව පැවතී ඇත. ක‍්‍රි.පු. 3වන සියවසේ භික්‍ෂූන් විසූ ගල්ලෙන් දකුණු ඉන්‍දියාවේ මධුරා ප‍්‍රාන්තයෙන් හමුවී ඇත. බි.සි ලෝ මහතා සදහන් කරනුයේ අශෝක දවස මහාරාෂ්ට‍්‍රය , මහිස මණ්ඩලය හා වනවාසය දකුණු ඉන්‍දියාවේම ප‍්‍රදේශ වූ බවයි. පූර්වොක්ත කරුණු පිළිබ`දව පරණවිතාන මහතා ස`දහන් කරනුයේ මිහිදු හිමියන් වේදිසගිරියේ ධමර්ම ප‍්‍රචාරණයේ යෙදී ඇති බවයි. මෙම මතය පෝෂණය කිරීමට සමත් තොරතුරක් දීප වංසයෙන් හමුවේ.මෙරටට පැමිණි කාර්යය සම්පූර්ණ කිරීමෙන් පසුව මිහිදු හිමි නැවත දඹදිවට යාමට සුදානම් වූ බව දීපවංසයේ ස`දහන් වේ. ‘‘මෙහි පැමිණ අපි පස්මසක් තිස්සාරාමයෙහිද එම පවර්වතයෙහිද විසුවෙමු.දැන් අපි දැන් දඹදිව යන්නෙමු.’’ මිහි`දු හිමියන් පිළිබ`ද මුල් කාලයෙන් පසු කාලවලදී තොරතුරු ඉතා අඩුවෙන් ස`දහන් වන බැවින් මිහි`දු හිමි දඹදිවට නැවත වැඩමවූ බවට තර්ක කරති. මිහි`දු හිමියන් උත්තිය රජ දවස පිරිනිවීම දක්වන සටහන දක්වා කාලය නිහඩ කාලපරිච්ෙඡ්දයක් ගතවනු දකුනට ලැබේ. වංසකතා කරුවන් තමන්ට අනභිමත කරුණු උවමනාවෙන්ම යටපත් කරන්නට ඇති බව උපකල්පනය කළ හැක. ඇතැම් උගතුන් ස`දහන් කරනුයේ මිහි`දු හිමියන් වේදිසගිරියේ සිට ගොඩබිම් මාර්ගයෙන් බටහිර දිග වෙරළේ පිහිටි භාරුකච්ඡු වරායෙන් නැව් නැග ලක්දිවට පැමිණෙන්නට ඇති බවයි. මිහි`දු හිමියන් වැඩම කළ බවට දෙස්දෙන ප‍්‍රබල පුරාවිද්‍යාතක්මක සාධක හමු වී ඇත. ක‍්‍රි.පු. 1වන ශතවර්ෂයට අයත් මිහින්තලේ තිබී හමුවු ශිලා ලේඛණයක මහිද තෙරහච භද්‍රසාල තෙරහච ඉටික තෙරහච උති තෙරහච යන පාඨයෙන් ලංකාවට පැමිණි ධමර්යතයන්ගේ නම් ස`දහන් වේ. මහින්දාගමනයත් සමග ඇතිවූ යැයි සැළකෙන බ‍්‍රාහ්මී අක්‍ෂර මහින්දාගමනය වූ බව තහවුරු කරයි. මෙම අක්‍ෂර අශෝක ප‍්‍රාකෘතය හා සමානකමක් දක්වයි.


අනුරාධපුර නගර නිර්මාණය

 අනුරාධපුර නගර නිර්මාණය

.
අනුරාධපුර රාජධානියේ නගරය නිර්මාණය කර ඇති ආකාරය දෙස බලන විට එය වෙනත් පෞරාණික නගර මෙන් ජ්‍යාමිතික සැලැස්මක් අනුව නිර්මාණය කර නැති බව පෙනී යයි. අවස්ථා කීපයකදී රජවරුන් රාශියක් විසින් නගරයේ විවිධ ඉදිකිරීම් කටයුතු සිදුකර තිබීම එයට හේතුවයි. අනුරපුර නගරය නිර්මාණය කිරීමේදී එය රාජ්‍ය තාන්ති‍්‍රක මෙන්ම රාජකීයයන්ගේ වාසභවනයන් වලට පමණක් සීමා වූ ස්ථානයක් ලෙස නොව සමස්ත ජාතියේම ආගමික, සංස්කෘතික, සාමාජික සහ පාලනික කේන්ද්‍රස්ථානය වශයෙන් පවත්වාගෙන යන්නට එකල රජවරු උත්සාහ දරා ඇත. ඒ හේතුව නිසාම රාජකීය ගොඩනැගිලි වලට අමතරව ආගමික වශයෙන් වැදගත් වන ආරාම සංකීර්ණ සහ ස්තූප, බෝධිඝර ආදිය ද අනුරාධපුර නගරයට අයත් වේ.

පණ්ඩුකාභය රජුගෙන් පසු බලයට පත් මුටසීව රජු මහමෙව්නා උයන නගරයේ අලංකාරය සඳහා ඉදිකර ඇත
. ඉන්පසු දෙවනපෑතිස් රජු විසින් තිසාවැව සහ ථූපාරාමය ඉදිකිරීමත්, දුටුගැමුණු රජු විසින් ලෝවාමහාපාය, රුවන්වැලි සෑය, මිරිසවැටිය වැනි ආගමික ස්මාරක ඉදිකිරීමත්, වළගම්බා රජු අභයගිරිය නිර්මාණය කිරීමත්, කූටකණ්ණතිස්ස රජු ප‍්‍රාකාරයක් ඉදිකිරීමත්, වසභ රජු එම ප‍්‍රකාරය 18 රියන් වන සේ විශාල කිරීමත් මහසෙන් රජු ජේතවනාරාමය ඉදිකිරීමත් ආදී වශයෙන් අනුරාධපුරය පාලනය කළ බොහෝ රජවරුන් විසින් නිර්මාණය කළ විවිධ ගොඩනැගිලි, වැව්, උද්‍යාන සහ ප‍්‍රාකාර ආදිය තුළින් අනුරාධපුරය අති විශාල දියුණු නගරයක් බවට පත්විය. වසර 1500 ක් තරම් කාලයක් ලංකාවේ අග නගරය ලෙසින් පැවති මෙය කි‍්‍ර. ව. 1017 චෝල ආක‍්‍රමණයත් සමගින් සම්පූර්ණයෙන් බිඳ වැටිනි. ඉන් පසුව ලංකාවේ අගනුවර වූයේ පොළොන්නරුවයි.

අනුරාධපුර නගරයේ දැනට දක්නට ඇති වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්ට අනුව එම නගර ය ඇතුළු නගර සහ පිටත නගරය වශයෙන් කොටස් දෙකකට බෙදී යන බව දක්නට ලැබේ. මීට අමතරව දක්නට ලැබෙන සුවිශේෂ ලක්‍ෂණයක් වී ඇත්තේ ඇතුළු නුවර ලෙස හඳුන්වන කොටස වටා වැව් රාශියක් සහ උද්‍යාන ද, බෞද්ධ විහාර සංකීර්ණ රැසක් ද දක්නට ලැබීමයි.

අනුරාධපුර නගරය ඇතුළු සහ පිටත වශයෙන් වෙන් වන්නට ඇත්තේ කිනම් යුගයක ද යන්න පිළිබඳව ස්ථිරව නිගමනය කළ නොහැකි වුවත් කූටකණ්ණතිස්ස හා වසභ යන රජවරුන් විසින් නිර්මාණය කරන ලද මහා ප‍්‍රකාරය නිසා එලෙසින් වෙන්වී ඇති බව පෙනී යයි. ඇතුළු නුවර හෙවත් අභ්‍යන්තර නගරය තුළ දැනට සාධක හමු වී ඇත්තේ ඉතා මඳ වශයෙනි. ඒ අතුරින් ගෙඩි ගෙය විහාරය, මහාපාලී දානශාලාව, දළදා ගෙය සහ විජයබාහු මාළිගය දැනට හඳුනාගෙන ඇත. ඒ හැරුණු විට ඇතුළු නගරය රජවරුන්ට, ප‍්‍රභූවරුන්ට සහ ආගමික පූජකයන්ට (බුදුදහම ගෙන ඒමට පෙර) උස් පහත් කම් අනුව බෙදී තිබුණ බව පැවසේ. එමෙන්ම පර්සියානුවන් (යවනයන්) වැනි විදේශීය වෙළෙඳුන්ට සහ විදේශීය ප‍්‍රභූවරුන්ට ද වෙන් වූ කොටස් දෙකක් ඇතුළු නුවර පිහිටා තිබිණි. ඇතුළු නුවර වටවන සේ දකුණින් තිසා වැව ද, බටහිරින් බසවක්කුලම ද, වයඹින් බුලන්කුලම වැව ද නැගෙනහිරින් නුවර වැව ද ඉදිකර තිබිණි.


නගරවාසීන්ට අවශ්‍ය ජලය ලබා ගැනීමටත් , වියළි කලාපයේ දැඩි සූර්ය තාපය අවම කර ගැනීමට සිසිලස ලබාගැනීමටත්, නගරය වටා සිටි කෘෂිකර්මයේ නියුතු ජනතාවගේ අවශ්‍යතා සපුරාලෑමත් මේ ආකාරයට වැව් ඉදිකිරීමේ අරමුණ විය. බාහිර නගරයේ දක්නට ලැබුණ අනෙක් නාගරික අංග වූයේ උද්‍යානයි. මේවා බොහෝ දුරට නගරයේ දකුණු දිශාවට වන්නට ඉදිකර තිබිණි. මහමෙව්නා උයන, මඟුල් උයන, නන්දන උයන, ජෝති වනය සහ රන්මසු උයන මින් ප‍්‍රධාන තැනක් ගෙන ඇත.

නගරයේ සතර දිශාවට විහිදී ගිය ප‍්‍රධාන වීථි සතරක් පැවත ඇති බව චීන ජාතික පාහියන් භික්‍ෂුව සඳහන් කරයි. එම වීථි වලින් නගරයට ඇතුළු වීමට ප‍්‍රධාන දොරටු සතරක් පැවති බවත්, ඉන් එක් වීථියක් උත්සව පවත්වන වීථිය ලෙස නම්කර තිබූ බවත් සඳහන් වේ.අනුරාධපුර රාජධානියේ බාහිර කොටසේ (පිටත නගරයේ) ඇති වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතුරින් ඉතා වැදගත්ම දැනට වැඩියෙන්ම නටබුන් වී ඇති නිර්මාණයන් වන්නේ අභ්‍යන්තර නගරය වට කරමින් පිහිටන ආරාම සංකීර්ණයි.

ලාංකීය රජවරුන් මෙන්ම ජනයාත් බුදුදහමට කොතරම් ගරු කළේ ද යන්න මෙම ආරාමවල ඇති ශක්තිමත් භාවයෙන් සහ විශාලත්වයෙන් මනාව පැහැදිලි වේ. අප දැනට ඇතුළු නුවර ලෙස සලකන ප‍්‍රදේශයේ සිට ඒ වටා සැතපුමක් අරය ඇති වෘත්තයක් ලකුණු කළ හොත් ඒ ඇතුළත පමණක් ප‍්‍රධාන විහාර සංකීර්ණ 5 ක් දක්නට ලැබේ.

1.
අභයගිරි විහාර සංකීර්ණය
2.
ජේතවන විහාර සංකීර්ණය
3.
ලංකාරාම විහාර සංකීර්ණය
4.
ථූපාරාම විහාර සංකීර්ණය
5.
මහා විහාර සංකීර්ණය

මේ අතරින් විශාලතම විහාර සංකීර්ණය වන අභයගිරි විහාර සංකීර්ණය අභ්‍යන්තර නගරයට උතුරින් පිහිටා තිබිණි. අඩි 360 ක් උසැති අභයගිරි දාගැබ කේන්ද්‍ර කර ගනිමින් අක්කර 6000 ක භූමි භාගයක් පුරා විසිරී පැවති මෙය කි‍්‍ර. ව. 1 සිට 11 දක්වා තරම් දීර්ඝ කාලයක් මහායානිකයන්ගේ ප‍්‍රධාන කේන්ද්‍රස්ථානය වශයෙන් පැවතිණි. මහායානිකයන්ට අභයගිරිය ප‍්‍රධාන කේන්ද්‍රස්ථානය වූවා සේම, ථෙරවාදීන්ට මහා විහාරය ප‍්‍රධාන විය. ඇතුළු නුවරට දකුණු දිශාවෙන් පිහිටි මෙය ආශි‍්‍රතව ලෝවාමහාපාය රුවන්වැලි සෑය ආදී ස්මාරක දක්නට ලැබේ. අප කලින් සඳහන් කළ වෘත්තයට පිටින් තවත් සැතපුමක රවුමක් ඇන්ද හොත් එහිද විහාර සංකීර්ණ කීපයක් දක්නට ලැබේ.

මහා විහාරය සහ තිසාවැව අතර දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද මිරිසවැටිය ස්තූපය සහ අක්කර 50 ක පමණ ආරාම සංකීර්ණය ද, දක්‍ෂිණ ස්තූපය ද, රන්මසු උයන, ඉසුරුමුණි විහාරය හා වෙස්සගිරි විහාර සංකීර්ණය ද දක්නට ලැබේ. ඒ හැරුණු විට බටහිර පෙදෙසෙහි බටහිරාරාම නම් වනවාසී විහාරයක් සහ නැගෙනහිරින් තොලුවිල සහ ප‍්‍රාචීනතිස්ස පබ්බත විහාරය ද, උතුරින් විජයාරාමය, පංකුලිය සහ කිරිබත් වෙහෙර ආදිය දක්නට ලැබේ.මේ ආකාරයට ක‍්‍රමානුකූලව ගොඩනංවනු ලැබූ නගරයක් නොවන බැවින් එයට අයත් සමස්ත භූමි ප‍්‍රමාණය කොතෙක් ද යන්න නිශ්චිතවම ප‍්‍රකාශ කළ නොහැකිය.

රාජාවලියට අනුව නම් අනුරාධපුර නගරයේ විශාලත්වය වර්ග සැතපුම් 35 ත් 50 ත් අතර ප‍්‍රමාණයකි.



අනුරපුර ආරම්භක තතු

අනුරපුර ආරම්භක තතු විපරම.


අනුරාධපුර අටමස්ථානය විශේෂ වැදගත්කමක් ඉසිලීම සඳහා ප්‍රධාන හේතු ගණනාවක් දක්නට ලැබේ. පැරණි රජ දරුවන් විසින් ඉදිකරන ලද බෞද්ධ සිද්ධස්ථාන වු ජයසිරි මහා බෝධීන් වහන්සේ, ථූපාරාමය, රුවන්වැලි සෑ මහාථූපය, අභයගිරිය, ජේතවනය, මිරිස වැටිය, ලංකාරාමය, ලෝවා මහාපාය ඇතුළු ඓතිහාසික ස්ථාන දක්නට ලැබේ. දක්‍ෂිණ විහාරය, පැරැණි දළදා මාලිගාව, නකා වෙහෙර, පබ්බත විහාරය, ඉසුරුමුණිය, විජයාරාමය, වෙස්සගිරිය, සංඝමිත්තා චේතිය, ආදී සිද්ධස්ථාන වලින් මෙම අනුරාධපුර ඓතිහාසික වැදගත්කම වඩාත් වැදගත් වී තිබේ.
උතුරු දිග මායිම්ව මල්වතු ඔය අසළ පිහිටි අනුරාධපුර නගරය විජයරජුගේ අනුරාධ නම් ඇමැතිවරයා විසින් ප්‍රථම වරට මෙහි ජනාවාසයක් පිහිටුවන ලද බවත්, අනතුරුව පණ්ඩුවාස දේව රජුගේ බිසව වූ භද්දකච්ඡායනාගේ සොහොයුරු අනුරාධ නම් කුමරු මෙහි වැවක් තනවා ඊට දකුණින් මාලිගයක් සාදවා වාසය කළ බවත් මහා වංශයේ සඳහන් වෙයි. අනුරාධ නම් කුමරුන් දෙදෙනකුට වාසය වූ නිසාත්, අනුර නම් නැකතින් පිහිටුවන ලද නිසාත් මෙම ස්ථානය අනුරාධපුර නම් විය. අනුරාධපුරය පළමුවෙන්ම නගරාංගයන්ගෙන් සම්පූර්ණ කරවූයේ පණ්ඩුකාභය රජු විසින් බව මහා වංශයේ අන්තර්ගත ය.
ඊට අනුව එකළ නගර නිර්මාණය හා නගර සංවිධානය පිළිබඳ නාගරිකයා දැන සිටි බව කිසිදු සැකයක් නැත. මුටසීව රජු විසින් අනුරාධපුරයේ මහා මේඝ නම් උයනක් කරවූ බවත්, ඒ නම ලැබුණේ ඒ සඳහා නොකල් මහා වැස්සක් ඇදහැලුණු නිසා බවත්, මහා වංශයේ සඳහන් වී ඇත. මුල්ම බෞද්ධාගමික මධ්‍යස්ථානය බවට පරිවර්තනය වුණේ ලාංකික බෞද්ධ සමාජයේ ප්‍රමුඛස්ථානය වූයේත්, මේ මුටසීව රජු විසින් කරවන ලද මහමෙව්නා උයනයි. පණ්ඩුකාභය රජු ක්‍රි.පූ. 4 වන සියවසේ දී අනුරාධපුරය තම අගනුවර කරගෙන නගරය හා උපනගරය නිම කළ බව සඳහන් වෙයි. ක්‍රි.පු. 4 වන සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස කාලය දක්වා අනුරාධපුරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජධානිය වූහ.
පළමුවන ඓතිහාසික නගරය වූ අනුරාධපුරය බුද්ධ ශාසනය පිහිටුවන ලද නිසාත්,එය පූජනීය හා රාජකීය ඓතිහාසික නගරයක් වශයෙන් විශේෂ වැදගත්කමක් නිරූපණය වන නිසාත්, අදත් සම්භාවනීය ආකාරයෙන් මහජනයා අතර ගෞරවනීය බවත් උසුලනු ලැබේ. අක්කර 10000 ක් පමණ එකල මේ ප්‍රදේශයේ පුරා නටබුන් පැතුරුණි. එහි අභිමානවත් අතීතය අද ද සිහිපත් කැරේ.
අනුරාධපුර අටමස්ථානය විශේෂ වැදගත්කමක් ඉසිලීම සඳහා ප්‍රධාන හේතු ගණනාවක් දක්නට ලැබේ. පැරණි රජ දරුවන් විසින් ඉදිකරන ලද ලද බෞද්ධ සිද්ධස්ථාන වූ ජයසිරි මහා බෝධීන් වහන්සේ, ථූපාරාමය, රුවන්වැලි සෑ මහාථූපය, අභයගිරිය, ජේතවනය, මිරිස වැටිය, ලංකාරාමය, ලෝවා මහාපාය ඇතුළු ඓතිහාසික ස්ථාන දක්නට ලැබේ. දක්‍ෂිණ විහාරය, පැරැණි දළදා මාලිගාව, නකා වෙහෙර, පබ්බත විහාරය, ඉසුරුමුණිය, විජයාරාමය, වෙස්සගිරිය, සංඝමිත්තා චේතිය, ආදී සිද්ධස්ථාන වලින් මෙම අනුරාධපුර ඓතිහාසික වැදගත්කම වඩාත් වැදගත් වී තිබේ. ජගත් කීර්තියට පත් ශ්‍රේෂ්ඨ කලා කෘතීන් ලෙස විද්වතුන් අතර ප්‍රසිද්ධියට පත් වී තිබෙන අභයගිරි විහාරයත්, අභය විහාර සංකීර්ණයට අයත් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේත්, විශිෂ්ට කලා කෘතියක් ලෙස ජගත් කීර්තියට පත්ව ඇති අභයගිරි විහාරයේ සඳකඩ පහනත් අනුරාධපුරයේ ඓතිහාසික වැදගත්කම දෙගුණ තෙගුණ වී ඇත. අනුරාධපුරයේ අටමස්ථාන තුළ පිහිටා තිබෙන මහා විහාර සීමාව ලෙස උතුරින් ථූපාරාමයත්, දකුණින් මයුර පිරිවෙනත්, ගිනිකොනින් ශ්‍රී මහා බෝධියත්, නැගෙනහිරින් ලෝවා මහා ප්‍රාසාදයත්, ඊසාන දිගින් රුවන්වැලි සෑයත්, වයඹ දෙසින් බසවක්කුලමත්, බස්නාහිරින් මිරිසවැටි දාගැබත්, දකුණින් දක්‍ෂිණ විහාරයත්, නැගෙනහිරින් හාල්පානු ඇළත් මායිම් කොට ඇති ප්‍රදේශය එම සීමාවටම අයත් වෙයි.
අටමස්ථානය පිළිබඳ සැලකීමේ දී ඓතිහාසික වශයෙන් ඉතාම වටිනාකමක් ඇති ථූපාරාමය මහා විහාර සීමාව තුළ වුවත් එම විහාර සීමාවෙන් ඔබ්බට පිහිටා තිබේ.
බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කොට ස්ථූපයක් කිරීමට මිහිඳු මා හිමියන් තුළ පැවැති අදහස දෙවනපෑතිස් රජු විසින් මිහිඳු මා හිමියන් වෙත දැන්වීමෙන් අනතුරුව ප්‍රථම ස්ථූපය ථූපාරමය වීමත්, රුවන්වැලි සෑය ආරම්භ වනතුරු මහා විහාර භික්‍ෂූන්ට පමණක් නොව බෞද්ධ ජනතාවටත් පූජනීය ස්ථානයක් වීමත් ඉතාම වැදගත් වේ. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳීමට ගිය සැදැහවතුන් ථූපාරාමයට ගොස් වැඳ පුදා ගත් බවත්, ථූපාරාමය මිහිඳු මා හිමියන් දවස මහා විහාරයේ වැදගත්ම සිද්ධස්ථානයක් වූ බවත් තොරතුරු දක්නට ලැබේ. ථූපාරාමය මේඝ වර්ණාභය ඇමැතිවරයා කරවූ පිරිවර තිබූ ස්ථානයේ මණ්ඩපයක් තනා එම ස්ථානයේ ප්‍රථම ධර්මසංඝායනාවක් පැවැත් වූ බවත් එනිසාම ථූපාරාමයේ ඓතිහාසික වටිනාකම වඩාත් වැදගත්කමක් උසුලනු ලබයි. අනුරාධපුර පැරැණි නගරයට දකුණින් හා ස්වර්ණමාලි මහා චෛත්‍යයට යාර 400 ක් පමණ උතුරු දෙසින් බසවක්කුළම, වැවට ආසන්නව මෙම ථූපාරාමය පිහිටා ඇත. පණ්ඩුකාභය රජු විසින් මෙම ස්ථානය මහේජ යන යක්‍ෂයා සඳහා කරවූ දේවාලයක් තිබූ බවටත් ඓතිහාසික වාර්තාවල සඳහන් වී ඇත. ක්‍රි.පූ. 2 වන සියවසේ දී දේවානම්පියතිස්ස රජතුමා අනුබුදු මිහිඳු මා හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් කරවන ලද ලංකාවේ පළමුවන ස්ථූපය බවත්, එය ධාන්‍යාගාර හැඩයක් ගන්නා බවත් මහාවංශයේ සඳහන් වෙයි. උතුරුමැද පළාතේ බොහෝ ස්ථුපවල මේ යුගයේ ලක්‍ෂණ දක්නට ලැබේ. භූමි මට්ටමේ සිට අඩි 11 අඟල් 4 ක් උස වෘත්තාකාර මළුවක මෙම ස්ථූපය තනා ඇත. නැගෙනහිර පියගැට පෙළ පාමුල අඩි 3 ක පමණ විශ්කම්භයක් ඇති සඳකඩ පහනක් ඇත. පියගැට 12 ක් නැගුණු තැන එක් පුළුල් පඩියක් හමුවන අතර මෙය අඩි 3 ක විශ්කම්භයකින් යුක්ත කැටයම් රහිත සඳකඩ පහනක් ඇත. ථූපාරාමයේ විශ්කම්භය අඩි 59 ක් වන අතර උස අඩි 63 ගර්භයයේ පාදය අඩි 40 ක් අඟල් 6 ක විශ්කම්භයකින් යුත් අඩි 8 අඟල් 3 ක් උසැති වෘත්තාකාර අඩිතාලමක් මත පිහිටා ඇත.
ස්ථූපය වටා ගල්කුලුනු පේළි 4ක් දක්නට ලැබේ. මෙහි අඩි 5 යි අඟල් 2 ක් පළලට විහිදී යන බිම්තීරුවේ අඩි 22 අඟල් 10 ක් උසැති ගල්කණු 52 දක්නට ලැබේ. සඳළුතල මළුවේ පරිදියේ සිට අඩි 5 ක් ඇතුළත සිව්වන තුන්වන ගල්කණු පේළි අතර චෛත්‍යය වටා ඉදිකරන ලද ගඩොල් බිත්තිවල සලකුණු දක්නට ලැබේ. මෙම ආරම්භක ස්ථූපය කර්මාන්තයේ ස්වභාවය මෙම ගොඩනැගිල්ලේ සැලසුම් සහගත නිර්මාණයෙන් ප්‍රකට වෙයි. ස්ථූපය වටා ශේෂව ඇති මේ ගල්කණු අතීතයේ මේ වටා ගෘහයක් තිබී ඇතැයි සිතිය හැකි ය. ප්‍රථම වරට මෙය තනවන ලද්දේ වසභ රජු ය. ගෝඨාභය රාජ්‍ය සමය වන විට එම ගෘහය දිරාපත් වෙමින් නැවතත් කරවූ බවත්, දෙවන අග්බෝ රජු විසින් ද මෙය ප්‍රතිසංස්කරණය කළ බවත් දක්නට ලැබෙයි. මෙම ථූප ඝර, ධාතු ඝර, වටදාගෙය යන නම්වලින් වංශ කතාවල සඳහන්ව ඇත්තේ මෙම ස්ථූප වටා ඉදිකර ඇති ගෘහය පිළිබඳවයි. අනුරාධපුර යුගයේ දක්නට ලැබෙන ප්‍රථම ගෘහය වූයේ මෙම ථූපාරාම ගෘහයයි. මිහිඳු මහරහතන් වහන්සේගේ සමීප සම්බන්ධතාවයන් සියල්ලම මෙම භූමිය තුළ සිදුවීමක්, පසුකාලීනව ථූපාරාම විහාරය මුල්කරගෙන මහා විහාර පිරිවෙන ආරම්භ වීමත්, බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබීමත් බෞද්ධයන්ට ඓතිහාසික වශයෙන් විශාල වටිනාකමකින් යුක්ත